
(සනත් ගමගේ)
හම්බන්තොට මහ රෝහලේ සිටි එකම නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයා හොර රහසේම විදෙස් ගත වි ඇතැයි හම්බන්තොට මහ රෝහලෙ වෛද්‍යවරු කියති.
දින කිහිපයකට කෙටි නිවාඩුවක් ලබා ගන්නා බව කියමින් නිර්වින්දන වෛද්‍යවරයා රෝහලෙන් පිටව ගොස් සිටි නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයා (12) උදෑසන මහ රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් කිහිප දෙනකුට දුරකථන කෙටි පණිවිඩ මගින් එංගලන්තයට ගිය බව දැනුම් දි ඇත.
මෙම කෙටි පනිවිඩ දැකීමෙන් මහත් කලබලයට පත් වු රෝහලේ විශේෂඥ වෛද්‍යවරු සහ සෙසු වෛද්‍යවරුන් රෝහල ඉදිරියට දුවන්නේ කෙසේදැයි එකිනෙකාගෙන් ප්‍රශ්න කරගන්නට විය.
දැඩි සත්කාර දෙකක ප්‍රතිකාර ලබන අසාධ්‍ය රෝගීන් හා සඳුදා දිනයේ සිට විවිධ සැත්කම් කිරිමට පොරොත්තු ලේඛන සකස් කර ඇති අනිකුත් විශේෂඥ වෛද්‍යවරුන්ට සිය සැත්කම් කිරිමට අනිවාර්යෙන්ම නිර් වින්දක විශේෂඥ වෛද්‍යවරයා සිටිය යුුතුය. හෙයින් අදාළ සැත්කම් එම රෝගින්ට කරන්නෙ කෙසේ දැයි කියා සිතා ගන්න වත් බැරි තත්ත්වයක පසුවෙන බව හම්බන්තොට මහ රෝහලේ විශේෂඥ වෛද්‍යවරු සඳහන් කරති.
මේ සම්බන්දයෙන් හම්බන්තොට මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සුරංඟ උබේසේකර මහතාගෙන් විමසීමේ දී මෙසේ කීය.
මහ රෝහලේ සිටි එකම නිර්වින්දක විශේෂඥ වෛද්‍යවරයා දින කිහිපයක නිවාඩුවක් ලබාගෙන තියෙනවා. එම විශේෂඥ වෛද්‍යවරයා විදෙස් ගත වී ඇති බව රෝහලේ දි ආරංචි වුණා.
එසේ නොමැතිව නිත්‍යානුකූලව විදෙස් ගතවීමක් ගැන ලිඛිතව තමාට දැනුම් දි නැහැ. නිර් වින්දන විශේෂඥ වෛද්‍යවරයකු හදිසියේ රෝහලකට සොයා ගන්නේ කෙසේද යන්න තමා බරපතල ගැටළුවකට මුහුණ පා සිටිනවා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රෝගීන් නිර්වින්දනය කිරීමට භාෂාව ප්‍රශ්නයක් නොවන බැවින්, මෙවැනි අවස්ථාවලදී SAARC රටවල විශේෂඥ වෛද්‍යවරුන්ගේ සේවය ලබාගත යුතුයි...
මේ රට පනින හුඟ දෙනෙක් පහුගිය කාලේ සයිටම් එපා කියලා කෑ ගහපු අය තමයි .
මේ ආණ්ඩුවට පුළුවන් එක එක දහම් ගැට ගහන්න විතරයි.
වගකිමක් නැති මේ වගේ අය...
එහෙම තමයි වෙන්න ඕනෑ. මේ රටේ කාලකන්නින් දවසක පාඩමක් ඉගෙන ගනී.
ආත්මාර්ථකාමී පවුකාරයින් වෙද්දු ලෙස වෙස්වලාගෙන ඇත. අසරණ රෝගීන්ට අබ සරණයි.
වෛද්‍ය විද්‍යාලයෙන් උපාධිය පිටවන සෑම වෛද්‍ය (MD) හෝ ඔස්ටියෝපති වෛද්‍ය (DO) සියල්ලන්ම වසර 15ක් ඔවුන්ගේ සේවය රටට ලබාදිය යුතු බව විශ්ව විද්‍යාලයට ඇතුල් වීමේදී රජය සමග ගිවිසුම් ගතවිය යුතුවේ.. කිසිවකුට වසර 15ක් ඇතුළත රටින් පිටව වෙනත් රටකට යාමට අවශ්‍ය නම් රටට සේවය කළ කාලසීමාව හැර ඉතිරි කාල සීමාව සඳහා රජයට මුදල් ගෙවීමක් කළ යුතුවේ. නිදහස් අධ්‍යාපනය විශ්ව විද්‍යාල අධ්‍යාපනය තෙක් ලබාදී, මහජන මුදලින් විදෙස් පුහුණු අධ්‍යාපනය ලබාදී ඇත. නොමිලයේ අධ්‍යාපනය ලබාදීමෙන් මෙතෙක් ලංකාවට කිසිඳු ප්‍රයෝජනයක් නොමැත. මහජන මුදල් වැයකරමින් අධ්‍යාපනය/ දැනුම ලබාදීමෙන් පසු රටින් පිටවයන්නාවූ සියලු දෙනා ලෝකයේ දියුණු රටවලට දැනුම ලබාදේ... සේවය කරයි.
නාමල් බබාගේ පවුලේ කවුරුවත් නැද්ද? එහෙමනේ අමාත්‍යාංශවල පුරප්පාඩු ඔක්කොම පිරෙව්වා...!
වෛද්‍යවරුන්ට නොසලකන, නිසි වැටුපක් හා පහසුකම් නොදෙන රටකට මෙසේ වීම අරුමයක් නොවේ...
බුද්ධිමතුන්ට, උගතුන්ට නොසලකන රටක ඒ මිනිස්සු මෙච්චර කලක් හිටපු එකට සතුටු වෙන්න ඕනෙම කෙනෙකුට තමන්ගේ රස්සාව දාලා යන්න බාධාවක් නෑ. මේ මනුස්සයා කරපු වරදක් නෑ. අනෙක් අයත් පැදුරටත් නොකියා යනකන් උඩ බලන් ඉන්න එකයි තියෙන්නේ.
කිසිම වගකීමක් නැති ආත්මාර්ථකාමී මිනිස්සු. ගියාට කමක් නැහැ... හැමෝම මෙහෙන් යන්න බලන්නේ... ඒත් ඒක වගකීමක් ඇතුව කළානම් හරි. මේ දේට වගකියන්න ඕනේමේ ආර්ථික ක්‍රමය සහ අධ්‍යාපන ක්‍රමය. අපේ රටේ රස්සාවක් කරන්න මිනිස්සු හැදුවට ඒ මිනිස්සුන්ට සහකම්පනය කියන දේ උගන්වන්නේ නැහැ. හැබැයි රට බෞද්ධ.
කණගාටු වෙන්න එපා... රඹුක්වැල්ල බලාගනීවි.
වෛද්‍යවරුන්ට නිසි පහසුකම්, නිසි වැටුපක් නොදී නොසලකා හැරීමේ විපාක තමයි මේ... දේශපාළුවන් නම් සිංගප්පූරුවට ගිහින් හරි බෙහෙත් ගනීවි.
ඇයි එක දේශපාලඥයෙක්වත් රට පනින්නේ නැත්තේ...?
මෙම වෛද්‍යවරයා අද එංගලන්තයට ගිහින් ගොඩක් සතුටු වෙනවා ඇති, ලංකාව අතහැරලා ආපු එක. මෙම පුද්ගලයා ලංකාවේ කොහේ හරි දුප්පත් දෙමව්පියන් දාව ඉපදුන කෙනෙක් වෙන්න ඇති. මෙයා එංගලන්තයේ ඉපදුනා නම් කවදාවත් වෛද්‍යවරයෙක් වෙන්න ලැබෙන්නේ නැහැ. එහිදි මෙයාට ඉගෙන ගනන් දක්ෂතාවය වගේම මුදලුත් තියෙන්න ඕනේ. එංගලන්තයේ ඉපදුනා නම් කොහේ හරි පොඩි රැකියාවක් කරගෙන තමයි ඉන්න වෙන්නේ. අපේ රටේ දුප්පත් මිනිසුන්ගේ මුදල්වලින් ඉගෙන ගෙන තැනකට ආවම මුදල් පස්සේ ආත්මේ පාවා දෙන මේ මිනිස්සුන්ට මුදල් වැඩියෙන් ලැබුණත් ඒකේ පාපේ කවදාහරි ගෙවන්න වෙනවා. නැත්නම් නීතියක් තියෙන්න ඕනේ විදේශ රටකට යනවා නම් ඉගෙන ගන්න වියදම් කළ මුදල් ආපසු ගෙවන්න. tax වැඩි කළා කියලා මෙහෙන් යන්නේ එහේ tax නොගෙවා ඉන්නද? එහෙත් ටැක්ස් මීට වඩා ගෙවන්න වෙනවා. එංගලන්තයේ ඉහළ අධ්‍යාපනය ලබන අවශ්‍ය නම් ඒ රටෙන් එහි ළමයින්ට ණයක් තමයි දෙන්නේ. ඉගෙනගෙන ඉවර වෙලා ගෙවන්න. මෙහේ ඔක්කොම නිකන් ලැබිලා සාක්කුවට සල්ලි වැඩිපුර ලැබෙනකොට හැමදේම අමතකයි. කණගාටුයි.
නිකන් වෙද මහත්තයෙක් හරි හොයාගන්න බැරිවෙනවා... ඉස්සරහට මේ කාලකන්නි එක්ක ජීවත් වෙන්න බෑ... රටත් කෑවා, මිනිස්සුත් කෑවා...
හෙන අපරාධකාරයෙක් වගේනේ... සයිටම් ගැන සමහරු කියනවා... නිදහස් අධ්‍යපනයෙන් ඉගනගත්තු අයත් රටේ ඉන්න බැරුව රට යන එකේ... ලක්ෂ 60ක් දීලා සයිටම් එකෙන් ඉගෙනගත්තු අය මෙහෙ ඉඳීද? නිදහස් අධ්‍යපනයෙන් ඉගෙන ගත්තු අය හින්දා තමයි මේ ටිකවත් රටේ රැඳෙන්නේ...
ඉතින් නිර්වින්දන, පිළිබඳව මහාචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල ඉන්නේ. එයා තරම් දක්ෂ විදිහට මිනිස්සුන්ව නිර්වින්දනය කරලා ජී.අයි පයිප්ප හොරකම් කරන්න මේ ලෝකයේ කාටවත් බැහැ. මතකයි නේද ජනමාධ්‍ය ලොක්කා වෙලා හිටපු කාලේ කරපු වැඩ.
ලංකාවේ දොස්තරවරුන්ට ලැබෙන, පඩිනඩි, වරප්‍රසාද මදියි කියලා හිතෙනවා නම් ඒ අය පොදු මහජනතාවගේ බදු මුදල්වලින් දොස්තර කෙනෙක් වෙන්නට කලින් හොඳට හිතලා බලන්න ඕනෑ.. පොදු ජනතාවගේ බදු මුදල්වලින් දොස්තර කෙනෙක් වුණාට පස්සේ මෙවැනි දේවල් කිරීම පිළිකුල්...
ජාතියේ පියා, හම්බන්තොට දේවතාවෝ, රාජපක්ෂ පරම්පරාවට කෙටි පණිවිඩයකින් කියන්න ...
ඉගෙන ගන්නා කාලයේදී සොච්චමක්වත් නොගෙවා ඉඳලා, දැන් ලැබෙන පඩිය සොච්චම්ලු...
සමහර වෙලාවට විශේෂඥ විභාගේ පාස්වෙන්න ඇත්තෙත් මහජන මුදලින්මද දන්නේ නැහැ...?
නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනගෙන එහෙම කරන එක හොඳද?
රටේ ජනාධිපති ධුරය දරමින් සිටි පුද්ගලයත් රට පැන්න එකේ ඔය නිර්වින්දන වෙදා පැන්න එක මොන කෙංගෙඩියක්ද අප්පා...?
වෙදුන් රට හැර යනවා තමයි. මෙහෙම පැදුරටත් නොකියා යන්න හේතුවක් නෑ. අනික මේ පුද්ගලයා මේ තරම් වගකීම් විරහිත නම් වෘත්තිකයෙක් වශයෙන් ඉතාමත් නූගත් කියලයි පේන්නේ... මෙතැන කොස්සක් තියෙනවා...
හැබැයි පැදුරට කියලා යන්න තිබ්බා...!
මමත් ඕස්ට්‍රේලියාවේ ඉන්න විශේෂඥ වෛද්‍යවරයෙක්. මෙහෙදී වෛද්‍ය විද්‍යාලවල ඉගෙන ගනිද්දී විශාල මුදලක් ගෙවන්න වෙනවා. අපේ රටේ වගේ විශ්ව විද්‍යාලවල වගේ නිකන් උගන්වන්නේ නැහැ... ඒ වගේම තමයි වෛද්‍ය වරයෙකුගේ වැටුපෙන් ඉහළ අගයක් බදුලෙස ගෙවන්න වෙනවා. මගේ වැටුපෙන් 35.76% බදු වශයෙන් මම ගෙවනවා. අනික අපි කාර් පාර්ක් එකටත් ගෙවනවා. මෙහෙදී ලංකාවේ වගේ ප්‍රවාහන දීමනා නැහැ. එනිසා ලංකාවේ තත්වය සමග මෙහෙ තත්වය සංසන්දනය කිරීමේදී කරුණු ගොඩක් සලකන්න වෙනවා. ලංකාවේ රජයේ වෛද්‍යවරයෙකුට ලැබෙන විශේෂ වරප්‍රසාද ගැනත් මෙහිදී සලකන්න ඕනෑ. කොහොම වුණත් මුළු සෞඛ්‍ය සේවය සඳහාම විශේෂ වැටුප් ක්‍රමයක් හඳුන්වාදීම ඉතා වැදගත් වෙනවා. හැබැයි දොස්තරලාට උඩින් කපුටෙකුටවත් පියාඹන්න බැහැ කියන දැනට ලංකාවේ දොස්තරලා ඉන්න කුහක මතයෙන් ඔවුන් ඉවත්වෙලා අපිත් සමාජයේ තවත් පිරිසක් පමණක්ය යන මතයට එන්න ඕනෑ.
මේ සොච්චම් පඩියකට වෙන රටවල විශේෂ වෛද්‍යවරු තියා නිකන් වෛද්‍යවරයෙක්වත් එන්නේ නැහැ. ඒක අපේ රටේ මිනිසුන් තේරුම් ගන්න කොට පරක්කු වැඩියි. දොස්තරලාට තව බනින්න... ඉතුරු ටිකටත් රට එපා වෙන්න.
වෙන කරන්න දෙයක් නැහැ දැන්... රජකාලේ තිබුණු ආයුර්වේද සැත්කම් ක්‍රමයට වත් යමු...
බලේ ඉන්න ලකයින් බලේ සිටින්න වලිකනවා මිසක් රට ගැනවත් ජනතාව ගැනවත් අංශු මාත්‍රයක්වත් නොසිතා කටයුතු කිරීම තමයි මේවාට හේතු...!
වෛද්‍යවරුන්ට බදු ගහද්දී ඇමතිලා එක්ක හුරේ දැම්මා නේද? මේ එවායේ ප්‍රතිඵල...!
නිර්වින්දන වෛද්‍යවරුන්ට එංගලන්තයේ රැකියා ඇතිතරම් තියෙනවා. ලංකාවේ ඉන්න නිර්වින්දන වෛද්‍යවරු හැමෝටම යන්න පුරප්පාඩු තියෙනවා.
ඔය නිර්වින්දන වෛද්‍යවරයා පසුගිය කාලේ ඇතිකළ දීමනා වංචා කරලා අසුවුණු කෙනෙක්... රෝහල් අධ්‍යක්ෂ නැවත අයකරගන්න ලියුම් ගහලා තියෙන්නේ... අමු හොර වැඩක්...
මේ දොස්තර විතරද? පැදුරටත් නොකියා ගියේ? රට කාපු රාජපක්ෂලා... මහ බැංකුව කාපු මහේන්ද්‍රන්... පැදුරට කියලද ගියේ?
විශේෂඥ වෛද්‍යවරයෙකුට පඩිය ලක්ෂ දෙකයි. කිසිම ප්‍රවාහන පහසුකමක් නෑ. ඒ මදිවට තව බදු ගහනවා. ගොඩක් දුර පළාත්වල වෛද්‍යවරු යන්නෙ බස් වල. AGA ලට, Magistrate ලාට රජයෙන් දෙන පහසුකම් ඊට වඩා සුදුසුකම් තියන සහ ශ්‍රේණියෙන් ඉහළ විශේෂඥ වෛද්‍යවරුන්ට නොදෙන්නේ ඇයි? එහෙම සලකනකම් ඉතින් මෙහෙම දේවල් වෙන එක නවත්තන්න බෑ...
දින කිහිපයක නිවාඩුවක් ගන්නා බව දැනුම් දීලා තිබියදී, එම නිවාඩුව පිටරටකට යන්න බැරිද? දන්නේ නැති නිසා අහන්නේ....!
කාලකන්නි .රටේ සල්ලි වලින් ඉගෙනගන්න පුළුවන් තරම් වර්ජන කරලා පඩි වැඩි කරගෙන කොරෝනා කාලේ රට වහපන් කියලා මර ලතෝනි දීලා දැන් යනවා
හමුදාව දාලා කරගන්න බැරිද , අර මහා බහුශ්‍රැත රොකට් මෑන්ට බැරිද ? බය වෙන්න දෙයක් නෑ ලබන අවුරුද්දේ චන්දේ තිබුනාම ඔක්කොම විසදෙයි...
දන්වලා යන්න තිබුණා... අහිංසක ලෙඩ්ඩු අසරණ වෙනවා...
වෘත්තිකයින්ට බදු ගසා රට එපා කරවා බිස්නස් කරන අයට බදු නොගසා රට හදන්න උත්සාහ කරන එකම රට...!
මැරෙන එකා කොහොමත් මැරෙයි, දොස්තර රස්සාවත් තවත් වැඩක්. ඉතින් මොකක්ද ලොකු වැඩේ?
නූගත් පාලකයින් යටතේ ඉන්න බුද්ධිමත් මිනිස්සු කැමැති නැහැ...
ප්‍රශ්නයක් වුණොත් අල්ලගන්නේ දොස්තරලා, ඉතින් ඒ අය කල්පනා කරනවා අනුන්ගේ පරිප්පු ඇයි කන්නේ කියලා..? අද රටේ තත්වය ඕකයි. බාල බෙහෙත් කියලා ජාතියක් නෑ කියලා ඇමැති කියනවනේ...!
දොස්තරලට බැනලා වැඩක් නෑ. දොස්තරලා විතරක් නෙවෙයි, හැම වුර්තිකයෙක්ම රට දාල යන තත්වෙක රට තියෙන්නේ, රටේ මිනිස්සුම වග කියන්න ඕන ඒකෙට. රටේ මිනිස්සුම පත් කරගත් නායකයින් රට තුරන් කනකන් මීක් නැතුව හිටියා. ඉතුරු දොස්තරලා ටිකයි, වැඩක් කරගන්න පුළුවන් මිනිස්සු ටිකයි රටෙන් ගියහම රටට වෙන දේ බලාගන්න පුළුවන්.
ජීවිතය විදින්න යන්නඇති...හැම වෙලේම නිවින්දනව ඉන්න බෑනේ....
දැන් ඉතින් යන්තම් හෝ හොර වෛද්‍ය සහතික ලත් අය පත් වෙන්නේ මෙන්න මේ වෙලාවලටයි.. ඉන් සිදුවෙන්නෙත් උගත්කමක් නොමැතිකමින් වැරැදි බෙහෙත් දීමෙනුත් මරණ ඇතිවෙන එකයි...
පැදුරු කොට්ට අරන් ඉන්නවලු පාලිමන්ට් එකේ හැංගිලා .ළඟදීම සෙට් එකම නිර්වින්ධනය කරාවි