(මංගල එදිරිසිංහ)
මීවනපලාන කටුහේන ප්‍රදේශයේ දී නිවසක් තුළට පැමිණි නරියකු විසින් ගම්වැසි තරුණයකු සපා කා ඇති අතර, තුවාල ලැබූ තරුණයා හොරණ රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලැබූ බව ප්‍රදේශවාසීහු පවසති. තුවාල ලබාඇත්තේ මීවනපලාන කටුහේනේ පදිංචි හසිත හේෂාන් 16 හැවිරිදි තරුණයෙකි.
නිවසේ ඇතිකරන සුනඛයින් දෙදෙනා මිදුලේ පොරකෑමේ ශබ්දයක් ඇසි නිවස ඉදිරිපිටට පැමිණි මෙම තරුණයා ඒ පිළිබඳව සොයාබැලීමේදී නරියකු පැමිණ මෙම සුනඛයින්ව සපාකන අයුරු දැක ඇත. ඒ සැණෙන් නිවසට ඇතුළට පැමිණී නරියා මෙම තරුණයාගේ කකුල සපාකා පලාගොස් ඇත.
පසුව ගම්වාසින් මහත් පරිශ්‍රමයක් දරා එළවාගෙන ගොස් නරියාට පහර දී මරාදමා ඇති අතර වන ජීවීනිලධාරීන් පැමිණ නරියාගේ හිස කොටස රැගෙන ගොස් තිබේ.
තරුණයා හොරණ රෝහලට ඇතුළත් කර ජලභීතිකා එන්නත් සහ ප්‍රතිකාර ලබාදී ඇතැයි පැවසේ.
මෙයට දින කිහිපයකට පෙරද මීවනපලාන ග්‍රාම නිලධාරීවසමේ නිවසකට පැමිණි නරියකු විසින් කුඩා දරුවකු සපාකෑමේ සිද්ධියක් වාර්තා වූ අතර එහිදී ද ගම්වාසීන් එක්ව පහර දී නරියා මරාදමා තිබිණි. පසුගිය සතියක කාලසිමාව තුළදී හොරණ අවටප්‍රදේශ රැසකින්ම නරි සපාකෑම් වාර්තා වූ අතර එම කාලය තුළදී නරි 5 දෙනෙකු මිනිසුන් විසින් පහර දී මරාදමන ලදී.
දිගින් දිගටම නරින් ගම්වැදීම නිසා දැඩි බියකින් පසුවන බැවින් මේ සඳහා ස්ථිරසාර කඩිනම් විසඳුමක් ලබාදෙන්නැයි ගම්වාසීහු බලධාරීන්ගෙන් ඉල්ලති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නරියන්ට ජලභීතිකා රෝගය හැදිල තියෙනකොට තමයි මේ විදියට ගම් වලට එන්නෙ. නරියන් හපා කෑව බල්ලන්ටත් ජලභීතිකාව හැදෙන්න ඉඩ තියෙන නිසා උන්වත් එන්නත් කරන්න වෙයි.
කොරෝනා මදිවට නරිත් ඇවිල්ලා කිව්වාලු .... කොරෝනා, මදුෂ්ගේ නාට්‍යය, 20 වගේ ඒවා එන්නේ ගහෙන් ගෙඩි එන්නා සේය. තව ඉස්සරහට මොන මොනවා එයිද දන්නේ නැහැ ....
ශ්‍රී ලාංකික කොටියා (දිවියා) ඝාතනය කිරීමේ ප්‍රතිපලය.
මේ රටට බලපාල තියෙන්නේ දේව කෝපයක්
ඒකනේ අර මුහුඳු පතුලෙන් නාගයා ඇවිත් කිව්වේ. කෝ ඇහුවයැ.
අපේ ප්රදේශයෙත් නරි ඉන්නවා. ඒත් ඔහොම ප්රචණ්ඩ විදියට හැසිරෙන්නෙ නෑ. මනුස්සයෙක් දැක්කොත් දුවල ගිහින් හැංගෙනවා.
මෙවැනි ගම් වැද මිනිසුන් සහ බල්ලන් සපා කන නරින් ජලභීතිකාව සෑදුන සතුන්. මේ ප්රශ්නය උග්‍ර වීමට ප්‍රථම මේ සතුන්ට වෙඩි තබා විනාශ කල යුතුයි. මෙවැනි දේ ගැන අදාල රාජ්‍ය අංශ මන්දගාමීව ක්‍රියා කරන්නේ ඇයි කියා නොතේරේ.
අලි මදිවට නරි...