(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
නාරම්මල පොලිසියේ කොස්තාපල්වරයකුට පහරදුන් බව කියන නාරම්මල ප්‍රාදේශීය සභාවේ උප සභාපති මංජුල පොල්ගම්පළ මහතා (ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ) අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
උප සභාපතිවරයා ඊයේ (29) පොලිස් ස්ථානය වෙත යතුරුපැදියකින් පැමිණ ඇති අතර, පහරකෑමට ලක් වූ කොස්තාපල්වරයා රාජකාරියේ යෙදී සිට ඇතැයි පොලිසිය කියයි.
කොස්තාපල්වරයා එම අවස්ථාවේ දුරකථන ඇමතුමක් ලබාගනිමින් සිට ඇතැයි ද මන්ත්‍රීවරයාව ගණන් නොගත්තේ යැයි උරණව මෙම පහරදීම කර ඇතැයිද පොලිසිය කියයි.
පහරකෑමට ලක් වූ කොස්තාපල්වරයා කුලියාපිටිය රෝහලට ඇතුළත් කර ඇත.
උප සභාපතිවරයා කුලියාපිටිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂක ගෝඨා නං, එයාට ගැලපෙන ගෝලයෝ. ඉතින් බලයට අවොත් අහන්නම ඕනෑද?
මොනවා හරි පජාත වැඩක් කරොත් පොහොට්ටුවෙක්. දැන්ම මෙහෙම නම් ආණ්ඩුවක් ආවොත් කොහොම නටාවිද?
ගොඨා අපිට... අපි ගෝඨාට...
පොහොට්ටුව හරියට ප්‍රසිද්ධ වෙනවා... මොන වැඩකින් හරි... සුබ අනාගතයක්..
රට හදන්න.. රටෙහි විනය රකින්න මෙම දේශපාලන පක්ෂයේ අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වනවාලු ජනාධිපති වෙන්න. ඊට කලින් තමන්ගේ ප්‍රාදේශීය අනුගාමිකයන් ටික හදලා ආදර්ශයක් රටට පෙන්නලා ආවොතින් නරකද?
පොලිසිය තුළට ඇවිදින් රාජකාරීයේ යෙදී ඉන්න නිලධාරියාට පහර දෙනවා ? මුගේ අත් දෙකට මාංචු දමලා කුඩුවට දමන්න නොහැකි වුනේ මන්ද ?