
(රෝෂන් තුෂාර)
කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත හකුලා ගන්නා ලෙස බලකරමින් පාර්ලිමේන්තු වටරවුමේ පැවති උද්ඝෝෂණයේ දී අයුතු ජනරාශියක සාමාජිකයින් වී, නිරෝධායන නීති උල්ලංඝනය කළේ යැයි කියන ලංකා ගුරු සංගමය ලේකම් ජෝසප් ස්ටාලින් ඇතුළු 34 දෙනෙකු අදාල චෝදනාවලින් නිදහස් කිරීමට කොළඹ මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා අද (06) නියෝග කළේය.
වැලිකඩ පොලිසිය මගින් පැමිණිල්ලේ වගේ උත්තරකරුවන් ලෙස ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින්, රැකියා විරහිත උපාධිධාරී සංගමයේ තැන්නේ ඤාණානන්ද හිමි , අන්තර් විශ්වවිද්‍යාල බල මණ්ඩලයේ කැඳවුම්කරු ඇතුළු 34 දෙනෙකු සැකකරුවන් ලෙස නම් කොට තිබිණි.
2021 ජුනි මස අටවෙනි දින පොල්දුව මංසන්ධියේදී නිරෝධායන නීති උල්ලංඝනය කිරමින් උද්ඝෝෂණය නිරත වීමට එරෙහිව මෙම පැමිණිල්ල ගොනුකොට තිබිණි .
මෙම පැමිණිල්ල ඊයේ කැඳවූ අවස්ථාවේදී පැමිණිල්ලේ පළමු සාක්ෂි කරුගේ සාක්ෂි විභාග කිරීමට නියමිතව තිබිණි .
පැමිණිල්ල ඒ සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග නොගැනීම හේතුවෙන් සැකකරුවන් නිදහස් කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
සැකකරුවන් වෙනුවෙන් නීතිඥ රජික කොඩිතුවක්කු මහතා පෙනී සිටියේය.
2025 දෙසැම්බර් මස 18
563
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
279
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1081
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නිරෝධායන නීති කඩකළැයි චෝදනාවලින් ස්ටාලින් අතුළු 34ක් නිදහස්
බකල ජයා Monday, 06 January 2025 04:56 PM
බොරු චෝදනාවලට අත්අඩංගුවට ගත්තට පොලිසියට විරුද්ධව කටයුතු කරන්නැත්නම් මේ වගේ මිනිස්සුන්ගේ, අධිකරණයේ, රජයේ කාලය, ශ්‍රමය, ධනය නාස්තිවෙන වැඩ තව තවත් අහන්න ලැබෙයි. බොහෝදෙනෙක් කියන්නෙ සාමකාමීව කල විරෝධතාවකට පොලීසිය කඩාවැදිල කරපු අනවශ්‍ය වැඩක් කියල. එහෙනම් මේක මූලික මිනිස් අයිතිවාසිකම් අහිමිකිරීමක්. නීතිය සැමට සමව තවම හීනයක්.
Komaal Tuesday, 07 January 2025 06:50 AM
කොහොමද ස්ටාලින් වගේ අතකොලු නිදහස් වන කාලයයි මේ