
(ආනන්ද ඉ. ජයකොඩි)
නිරෝධායන ඇඳිරි නීතිය කඩකරමින් අද (22) පස්වරුවේ කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගයේ දංඕවිටදී නවත්වා මගින් පිරිසක් ගොඩ කර ගත් දුර ගමන් සේවා පෞද්ගලික මගී බස් රථයක් මාර්ග නිරීක්ෂණ රාජකාරියේ යෙදී සිටි ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික සිල්වා මහතා ප්‍රමුඛ පොලිස් නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගන්නා ලදි.
මේ අවස්ථාවේ එහි සිටි මගීන් පිරිසට පොලිස් අධිකාරිවරයා තරයේ අවවාද කොට ඔවුන් වෙනත් බස් රථ දෙකක නංවා පිටත්කර යැවීය.
බස් රථයේ කොන්දොස්තරවරයාද පොලිසිය විසින් මුදා හැරි අතර, රියදුරා හා බස් රථය නීතිමය පියවර ගැනීම සඳහා නිට්ටඹුව පොලිසියට භාරදෙනු ලැබීය.
ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික සිල්වා හා නිට්ටඹුව පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අසේල පෙරේරා යන මහත්වරු ප්‍රමුඛ පොලිස් නිලධාරීහු පිරිසක් වැටලීමට සහභාගී වූහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොවිඩ් විතරක් නොවෙයි වෙනත් රෝගත් බෝවෙන ක්‍රමයක් තමයි මේ පොල් පටවලා වගේ, වවුලන් එල්ලන් යනවා වගේ සෙනඟ ගෙනයාම. මේ තත්ත්වය ස්ථිර වශයෙන්ම වෙනස් විය යුතුයි. එය රටේ නිරෝගිමත් ජනතාවක් බිහිකිරීම වෙනුවෙනි. කෙසේ වෙතත්, මේ රටේ නම්, කෝවිඩ් තත්ත්වය නැති කාලෙක පොලිසිය මෙවැනි බස් දෙස බලන්නේ හෝ නැත. මෙය තමයි සත්‍යය...
ඇයි කොන්දොස්තර නිදහස් කලේ? නමින්ම කියවෙනවා කන්ඩක්ටර් තමයි බස් එක යන්න කියන්නේ... නවත්වන්න කියන්නේ... ඉතින් මිනිහා කීවම රියදුරු නවත්වනවා. යන්න කීවාම යනවා. එම නිසා. කොන්දොස්තරවත් ඇතුළට දමන්න ඕනේ.
අදත් 143 බස් වැල්ලම්පිටියෙ විනාඩි 20 ක් නවත්තගෙන හිටියා.පොලිසිය ඉස්සරහ බස් හොල්ට් එකේ. පොලිසිය බලගෙන හිටිය මොකුත් නෑ.