(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
නොරොච්චෝලේ තාප විදුලි බලාගාරය නඩත්තු කිරීම සඳහා වසර 12 ක් තිස්සේ චීන සමාගමට ගෙවූ මුදලින් රටට තවත් තාප විදුලි බලාගාරයක් හදන්නට තිබූ බව සමගි ජන බලවෙිගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා පැවසීය.
නොරොච්චෝලේ විදුලි බලාගාරය නඩත්තු කරන්නට ලාංකික ඉංජිනේරුවන් සහ තාක්ෂණ නිලධාරීන් නැද්දැයි ප්‍රශ්න කළ මුජුබුර් රහුමාන් මහතා චීන සමාගම තවමත් රඳවාගෙන සිටීමෙන් ඔවුන්ට ගෙවන මුදල දරන්නට සිදුවන්නේත් අහිංසක විදුලි පාරිභෝගිකයන්ට බව ද පැවසීය.
විදුලි බිල වැඩි කිරීම පිළිබඳ සභාව කල් තැබීමේ යෝජනාව ඉදිරිපත් කරමින් මුජිබුර් රහුමාන් මහතා මේ බව කීය.
ජනතාව අත්‍යවශ්‍ය භාණ්ඩ පරිභෝජනය කර ගන්නට බැරිව ගහෙන් වැටුණු මිනිහට ගොනා අැන්නා වැනි තැනකට පත්ව තිබෙන බවත් විදුලි බිල 64% කින් වැඩි වූ බව කිව්වත් දුප්පත් ජනතාවට එය සියයට දෙසිය ගණනකින් වැඩි වී තිබෙන බවත් මන්ත්‍රීවරයා කීය.
දුප්පත් ජනතාවට සහනයක් දෙන බව කිව්වත් ආණ්ඩුව පැත්තෙන් කිසිම යෝජනාවක් හෝ වැඩපිළිවෙළක් ඉදිරිපත් කර තිබෙන ආකාරයක් පෙනෙන්නට නැතැයි ද මෙි වන විට කර්මාන්ත ශාලා රාශියක් කඩා වැටී තිබෙන බවද මුජුබුර් රහුමාන් මහතා පැවසීය.
කලාපයේ සෙසු රටවල් ආයෝජකයන්ට අපට වඩා අඩු මිලට විදුලිය ලබා දී තිබෙන බවද ආයෝජකයන්ට අඩු මිලට විදුලිය ලබාදීමේ ක්‍රමවේදයක් හැදුවේ නැතිනම් රටට ආයෝජකයන් පැමිණීම නතර වනු ඇතැයිද මුජුබුර් රහුමාන් මහතා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇපිට නෙව්ස් කියන්න එන්න එප, ඔයලව ඵර්ලිඅමෙන්ට් යවන්නෙ ඔව ගන ප්‍රස්සන කරන්න, ඇපිට පෙරල ප්‍රස්නෙ කියන්න එප, දූෂණ සිද්ද වන බව අපි නන්නවා.
අවුරුදු 12 ට යහපාලක පාලන කාලයත් අයිතී නේද. එහෙනම් ඔහෙලත් ඒ පාපකර්මය කරලා සුදනොවගේ කතා කොරනවා. ඔහෙලගෙ කාලේ නවත්තන්න තිබුනානේ? යහපාලක පාලන කාලයත් ඩොලර් බොලොඉයංඅගානක් නය අරගෙන රටට කරපු මගුලක් නැහැ නේද? කලේ සරත් පොන්සේකාගේ කොන්දේ අමාරුවට ඉහල මට්ටමේ සුඛෝප භෝගී වාහනය ඇතුළුව ඔහෙලා වාහන ගෙන්වා ගැනීමයි.
අපේ සල්ලිවලින් ඔහේලට පඩි ගෙවන්නේ පරණ කරපුවා කියව කියවා ඉන්න නෙමෙයි. ඉස්සරහට කරන දේවල් කියලා ඒවා කරලා රට ගොඩගන්න. ඒක නැතිනම් පින්පඩි කකා ඉන්නේ නැතිව පව් නොදී ගෙදර යන්න.