IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


නරක කාලගුණය ලංකාවේ ඩොලර් බිලියන ගානක් කා දමයි

(අංජුල මහික වීරරත්න)

අයහපත් කාලගුණික තත්ත්වය නිසා ශ්‍රී ලංකාවට වාර්ෂිකව ඩොලර් බිලියන ගණනක පාඩුවක් සිදුවන බව දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අදහසකට අනුව ක්‍රියාත්මක වන දේශගුණ සෞභාග්‍ය සැලැස්ම ක්‍රියාත්මක කිරීම මගින්  එම පාඩුව පියවා ගැනීමට අවශ්‍ය බිලියන ගණනක මුදල් ලංකාවට ගෙන්වා ගැනීමේ අවස්ථාවන් උදාවන බවද විජයවර්ධන මහතා කීය.

රුවන් විජයවර්ධන මහතා මෙි බව කීවෙි දේශගුණික මූල්‍යකරණ ව්‍යාපෘතියේ ආරම්භක වැඩමුළුවට සහභාගී වෙමිනි.

පරිසර අමාත්‍යාංශය, මුදල් අමාත්‍යාංශය සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) සමඟ කොළඹ හිල්ටන් හෝටලයේදී මෙම වැඩසටහන පැවැත්විණි.

2030 වන විට පුනර්ජනනීය බලශක්ති භාවිතය 75% දක්වා ඉහළ නැංවීම වෙනුවෙන් සුළං බලය ඇතුළු ස්වභාවික බලයන් භාවිතයටත්, පරිසර සංචාරක ව්‍යාපාරය ඉහළ නැංවීම ඇතුළු ව්‍යාපෘති ගණනාවක් හඳුනාගෙන ඇති බවත් රුවන් විජයවර්ධන මහතා කීවේය. 

පරිසර අමාත්‍ය නසීර් අහමඩ්, පරිසර අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය අනිල් ජාසිංහ, විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අජිත් අබේසේකර, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ  නියෝජ්‍ය නේවාසික නියෝජිත නිලධාරී - පෙක් චුවාන් ගන්, එක්සත් රාජධානියේ පොදුරාජ්‍ය මණ්ඩලීය සහ සංවර්ධන කාර්යාලයේ සෞභාග්‍ය අංශයේ ප්‍රධානී (FCDO) ඇන්ඩෲ ප්‍රයිස් මහත්ම මහත්මීහු  ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.



අදහස් (4)

නරක කාලගුණය ලංකාවේ ඩොලර් බිලියන ගානක් කා දමයි

Prabha Wednesday, 14 December 2022 06:30 PM

රටේ සල්ලි හොරාකාලා ලෝකෙන් හිඟාකන්න අලුත් ප්ලෑන් ගහනවා.

:       3       7

Bamunuaracchi Wednesday, 14 December 2022 08:05 PM

ලංකාවට ඩොලර් එන්නේ නැත්තේ දේශගුණික ප්‍රශ්නේ හින්දා නොවේ. එවන ඩොලර් ඔක්කෝම හොරාකන නිසා. නිකං මිනිස්සුන්ට බොරු බේගල් කියන්න එපා. නුඹලාට මේක කරන්න බෑ. ඉක්මනට ඡන්දයක් තියන්න. එතකොට ඩොලර් මේ රටට ලැබෙනවා.

:       4       9

chandima Thursday, 15 December 2022 07:29 AM

ඔය කියන විදිහට සුද්දන් සල්ලි දෙයිද? අන්තිමේ අතේ තියෙන තුට්ටු දෙකටත් කෙළවෙනවා. අර වොක්ස්වැගන් කර්මාන්ත ශාලාව හදන්න හොද ඵලදාව තියෙන පොල්ගස් ටික බිමට සමතලා කළා වගේ...

:       3       3

Bamunuarachchi Sunday, 18 December 2022 06:03 AM

අම්මපා ඇත්තද?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 10 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 814 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site