වෙන්නප්පුව නයිනමඩම පාලම අසළදී අද(20) අලුයම මාළු ලොරියක් සහ මෝටර් රථයක් ගැටීමෙන් මෝටර් රථයේ ගමන්ගත් හය දෙනකු මියගොස් තවත් තිදෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.
නයිනමඩම ගිං ඔය හරහා ඉදිකර ඇති පාලම අසළදී මෙම අනතුර සිදුව තිබේ.
මියගිය පිරිස වෛයිකාලේ පැවැති ප්‍රියසම්භාෂණයකට සහභාගී වී නිවෙස් බලා යමින් සිටි පිරිසක් බව ද පොලිසිය සඳහන් කරයි.
මියගිය සහ තුවාල ලැබුවන් කොලිංජාඩිය සහ උල්හිටියාවේ පදිංචි වයස අවුරුදු 30-40 අතර වූවන් බව ද පොලිසිය කියයි.
අනතුරු වූ ස්ථානයේ හතර දෙනකු මියගොස් ඇති අතර සෙසු දෙදෙනා රෝහලට රැගෙන යද්දී මියගිය බව පොලිසිය පවසයි.
තුවාල ලැබූවෝ මීගමුව සහ කොළඹ මහ රෝහලේ ප්‍රතිකාර ලබති.



( චන්දන ප්‍රනාන්දු)
(85515)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද දිනකට රිය අනතුරු වලින් මිය යන මිනිසුන් ගණන, යුද සමයේදී දිනකට මියගිය ගනනට වඩා වැඩියි. මා සිතන්නේ මීට ප්‍රධාන හේතුව නම් පාරේ සිටින අවිනීත, අසංවර රියදුරන්ය. පොලිසියට රටේ සියලු මාර්ග ආවරණය වන පරිදි රාජකාරි කල නොහැක. එබැවින්, රිය අනතුරු සිදුවීම වළක්වා ගැනීම රියදුරන්ගේ වගකීමයි. මේ ප්‍රවෘතියේ සඳහන් වන පරිදි මොවුන් ප්‍රියසම්භාෂණයකට සහභාගී වී අලුයම් කාලයේ ගමන් කර ඇත. එබැවින්, මොවුන් මත්පැන් ගෙන සිටියාද යන්න සැක සහිතයි.
රා, අරක්කු බිලා රියපදවන්න හොද නැහැ. ඒකයි අනතුරු වලට ගොඩක් හේතුව...
ඡායාරූප දැකීමෙන් ඇති වුනේ මහත් සංවේගයකි. වේගය පිළිබඳව හිතා ගැනීමටද හැකිය.
ඡායාරුප දැකීමෙන් ඇති වුනේ මහත් සංවේගයකි. වේගය පිළිබඳව හිතා ගැනීමටද හැකිය.
කාර් එකේ කීදෙනෙක් නැගලා හිටියද?
ඔහොම වෙලා මදි.
ලංකාවේ පුංචි කාර් පිස්සුව... මෙම වාහනවලට ජපානයේ කියන්නේ ඇවිදින මිනීපෙට්ටි කියලා.
පසුපස ආසන වල හිටිය අය සීට් බෙල්ට් දාලා හිටියා නම් බේරෙයි වගේ..
වාහනේ 9ක් ඉඳලා... මේ වෙනකොට 7ක් මැරිලා...
මේ වාහනය ඊට ඉදිරියෙන් ගිය ලොරියක පිටුපස තමයි හැපී තිබෙන්නේ. අනුමානයක් නැහැ, මොවුන් ප්‍රිය සම්භාෂණයට ගොස් හොඳින් බීමත්ව ඉන්ට ඇති.
වටින ජීවිත තමයි දවස ගානේ අකාලයේ නැතිවෙන්නේ. ගවයන්, අෟරන්, කුකුළන් වගේම මාළුන් කෝටි ගණනකගේ ජීවිත අහිමි කරන අපේ රට දිහා දැන් දැන් දෙවියන්ගේ බැල්ම, අාරක්ෂාව නැත්තටම නැතිවෙලා. මගේ මව්බිමේ ජීවත්වන සුපින්වතුනි, හැකිතාක් දහමින් ජීවිත අාෙලා්කමත් කර ගන්න. එවිට අප හැමෝම සුරැකේවි...
මෙම කාර් එකේ තිබිලා ගිනි අවියකුත් හමුවෙලා කියල තවත් පුවතක් තිබුණා. ඉතින් මේ අය ගැන අනුකම්පාවක් ඇති වෙන්නේ කොහොමද?
මෙයාල මේ පිස්සෝ වගේ බීල මැරිලා ගියාම මෙයාලගේ බිරින්දෑවරු කනවැන්දුම් වෙලා අසරණ වෙනවනේ.