
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පුරාවස්තු වටිනාකමින් යුත් දේවාලක් පිහිටි නිවසක් තුළ ඇතැයි කියන නිදන් වස්තු සොයා කැණීම් කරමින් සිටියදී අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත් කර සිටින කොළඹ ප්‍රදේශයේ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ බිරිඳට එම පුද පූජා කටයුතු සඳහා කුකුලකු සහ අනෙකුත් බඩු භාණ්ඩ සපයා ඇත්තේ කොළඹට ආසන්න පොලිසියකින් බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
එකී පොලිසිය එම නියෝජ්‍ය පොලිස්පතිවරයා යටතේම පවතින අතර එම සියල්ල සපයා ඇත්තේ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ ඉල්ලීම මත ස්ථානාධිපතිවරයාගේ නියෝග මත එම ආරංචි මාර්ගවලින් පැවසේ.
එම නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ බිරිඳ ද හිටපු පොලිස් කොස්තාපල් වරියක් බවද දැන ගන්නටඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමැතිතුමයි, නව පොලිස්පතිතුමයි එකතුවෙලා පුළුවනි නම් පොලිසිය පිරිසිදු කරලා පෙන්වන්න. නිවන් දකින්න පුළුවන් පිනක් වෙයි ඒක. තවමත් පොලිස් නිලධාරීන්ගෙන් බොහෝ දෙනෙකු මහජනතාවට කතාකරන්න දන්නේ නැහැ. පොලිසි ඇතුලේ ඕනෑතරම් අකටයුතුකම් වෙනවා. වාහන අවභාවිතය, මිනිසුන් රස්තියාදු කිරීම. නිකරුනේ අත්අඩංගුවට ගැනීම්. වදහිංසා පැමිණවීම්, නිකරුනේ රථවාහන දඩ කොළ නිකුත්කිරීම් උදාහරණ කීපයක්. පොලිසිවලට හදිසි කඩාපැනීම් ඒකක යවන්න. වැරැදි කරන නිලධාරීන්ට ක්ෂණිකවම දඬුවම් දෙන ක්‍රමයක් හදන්න.
නව පොලිස්පතිතුමනි, පොලිසිය ශුද්ධ කිරීම මෙතැනින් පටන් ගන්න....
හොඳයි...