(සුජිත් හේවාජුලිගේ )
නව නියෝජ්‍ය කතානායකවරයකු පත් කිරීම පාර්ලිමේන්තුවේදී ලබන මස 4 වෙනිදා සිදුකෙරෙනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.
පාර්ලිමේන්තුවේ එදින පළමු කටයුත්ත ලෙස නියෝජ්‍ය කතානායකවරයකු පත් කිරීම මේ අනුව සිදුකෙරෙනු ඇත.
නියෝජ්‍ය කතානායක තනතුර සඳහා මන්ත්‍රීවරුන් දෙදෙනෙකු ඉදිරිපත් වුවහොත් ඡන්ද විමසීමක් එදින පැවැත්වීමට සිදුවන බව පාර්ලිමේන්තු ප්‍රධානිහු පවසති.
මේ අතර තමා නියෝජ්‍ය කතානායක ධුරයේ කටයුතු කරන්නේ ලබන සතියේදී (ලබන 19 සිට 22 දක්වා ) පමණක් බව රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ ස්වාධීන වීමට ගත් තීරණයත් සමග රංජිත් සියඹලාපිටිය මහතා නියෝජ්‍ය කතානායක ධුරයෙන් පසුගියදා ඉල්ලා අස්විය.
පවතින අර්බුදකාරී තත්වය සැලකිල්ලට ගෙන ජනාධිපතිවරයා කළ ඉල්ලීමක් අනුව සියඹලාපිටිය මහතා නියෝජ්‍ය කතානායක ධූරය යළි බාර ගත්තේය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
‘නියෝජ්‍ය කතානායකවරයකු පත්කිරීම ලබන මාසයේදී‘