(අංජුල මහික වීරරත්න)
රජයේ නියෝජ්‍ය අමාත්‍ය මණ්ඩලයේ වෛද්‍යවරු පහක් සිටිති.
එමෙන්ම මහාචාර්යවරයෙක්ද නීතිඥවරු දෙදෙනෙක් සහ ඉංජිනේරුවරයෙක්ද නියෝජ්‍ය අමාත්‍ය මණ්ඩලයට අයත් වෙති.
නාමල් සුදර්ශන,ප්‍රසන්න කුමාර ගුණසේන,හංසක විජේමුණි,මධුර සෙනෙවිරත්න,සුසිල් රණසිංහ යන වෛද්‍යවරුද ටී.බී සරත් සහ සුනිල් වටගල යන නීතිඥවරුද එරංග වීරරත්න සහ ජනිත් රුවන් කොඩිතුවක්කු යන ඉංජිනේරුවරුද මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතාද නියෝජ්‍ය අමාත්‍ය මණ්ඩලයට අයත් වෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාන්තාවන් නැති ද? වෛද්‍ය නම් ගොඩ.
උගතුන් වියතුන්ගෙන් සැදුම්ලත් පිරිසක් ආණ්ඩුවක සිටිනවා. පළමු වතාවට අපි ඔය දැක්කාමයි. නීති ගරුක ශිෂ්ට සම්පන්න රටක් උදාකර දීමට සියලු ශක්තිය ධෛර්යය නිරතුරුවම ලැබේවා.
ගොඩක් හොඳයි. පාර්ලිමේන්තුවේ ලෙඩ්ඩු අඩුවෙයි. වැඩියෙන් වැඩ කරන උන් ඉතිරි වෙයි කියලා හිතනවා.
දොස්තර එස්. ඒ. වික්‍රමසිංහ, දොස්තර රන්ජිත් අතපත්තු, දොස්තර ගාමිණි විජේසේකර, දොස්තර රමේෂ් පතිරණ ද 1931 පටන් මේ දක්වා කවුන්සලේ නියෝජනය කළ වෛද්‍යවරු ය. එසේම, ඉංජිනේරුවන්, මහාචාර්යවරුන්ද ඕන තරම් පාර්ලිමේන්තුව නියෝජනය කර ඇත. නීති විශාරදයින් විශාල ප්‍රමාණයක් ද ඊට ඇතුළත් ය. එනිසා මෙහි ඇති අමුතු අමුත්තක් ද නොමැත. මාලිමාවන්ගේ උදහසට ලක්වුවත් ඇත්ත එය ය.
මේ පාර්ලිමේන්තුවෙ නියෝජ්‍ය අමාත්‍ය ධූර බෙදුවෙ විද්‍යාත්මක පදනමකින් නොවන බව හොඳටම පැහැදිලි. ලෝකෙ කොහෙවත් මෙච්චර දොස්තරල ගොඩකට අමාත්‍ය ධූර දීලා නැ. අනික් කාරණාව තමා උසස් අධ්‍යාපන, මහා මාර්ග, වාරිමර්ග යන අමාත්‍යංශ තුනත් දීලා තියෙන්නේ දොස්තරලා තුන්දෙනෙකුට. වෙනත් සුදුසු අය ඕනෑ තරම් හිටියා. තව තරුණ ඉංජිනේරුවරු දෙන්නෙකුත් හිටියා මාලිමාවෙන් ආපු. මට මතක විදියට එක්කෙනෙක් අධිවේගී මාර්ග වල ව්‍යූහාත්මක ඉංජිනේරුවෙක්. වාරිමර්ග සහ මහාමර්ග දෙක ඒ දෙන්නට දෙන්න තිබ්බ. උසස් අධ්‍යාපන අමාතංශය මහාචාර්යවරයෙක්ට දෙන්න තිබ්බා. මොකද දොස්තරල නම් ඕකට හරියන්නෙම නෑ. මම පොර මානසෛකත්වයෙන් ඉන්නේ. මට නම් පෙන්නේ මෙතනත් අර GOMA නඩය වගේ දොස්තර ආධිපත්‍ය ගෙනියන්න හදනවා වගේ. මතකනේ පාදෙණිය රිංගල කෘෂිකර්මයයි, ජාතික වැටුප් ප්‍රතිපත්තියයි දෙකම කෑවා.
තමාගේ වෘත්තියෙන් පිටතදී මෙම සෑමදෙනාටම කළ හැකි විශේෂ දෙයක් නොමැත. කාබනික පොහොර වලින් පමණක් වගා කළහැකි යැයි හිටපු ජනාධිපති කෙනෙකුට උපදෙස් දුන්නු ප්‍රබල වෛද්‍යවරයෙක් හිටපු රටක් මේක...
ඉස්සර රජයේ හිටපු අයත් මතක්වෙනවා. මැති ඇමතිලත් හිටියනේ. ගුවන්තොටුපළේ අහිංසක සේවකයෙන්ට ගහපු ඒවත් මතක් වෙනවා.
වෛද්‍ය වෘත්තිකයෙකු වශයෙන් සේවය කරමින් සිටියදීම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස ලෙස දිවුරුම් දීමට නොහැකිය. මෙරට නීතිය අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට රජයේ රැකියාවක නියැලෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් දැරිය නොහැකිය. මීට පෙර රාජිත සේනාරත්න මහතා ද සිය වෘත්තියකින් ඉවත් නොවී පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය දැරීම නිසා ධූරයෙන් ඉවත් කර ඇත.