(අංජුල මහික වීරරත්න)
නියඟය තත්ත්වය නිසා මේ වනවිට දිවයිනේ වැව් 10,000කට වැඩි ප්‍රමාණයක් මුලුමනින්ම සිඳී ගොස් ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
සියලුම ප්‍රධාන ජලාශවල ජල මට්ටම ද සියයට 35-40 දක්වා අඩු වී ඇති බවද අමාත්‍යවරයා කීය.
සිදී ගොස් ඇති වැව් මහ කන්නයේ වැසිවලට පෙර ප්‍රතිසංස්කරණය කිරීම වනවිට ආරම්භ කර ඇති බව කී අමාත්‍යවරයා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට ලැබී ඇති ප්‍රතිපාදන අනුව එම කටයුතු කරන බව පැවසීය.
පවතින එල් නිනෝ ක්‍රියාවලිය හේතුවෙන් ලබන මහ කන්නයේ හොඳ වර්ෂාතපනයක් ලැබෙතියි අනුමාන කරන අතරම ඊළඟ යල කන්නය නැවතත් වියළි කාලගුණික තත්ත්වයක් පැමිණිය හැකි යැයි කාලගුණ අංශ කෘෂිකර්ම අමාත්‍යාංශයට අවධාරණය කර තිබේ.
එම නිසා මාස් මෝසමට පෙර මෙම වැව් ප්‍රතිසංස්කරණය කිරීම මගින් වැඩි ජල ප්‍රමාණයක් රැස් කර තබා ගැනීම මගින් ගොවි ගැටළු විසඳීමට හැකි බවත් අමාත්‍යවරයා පැවසීය.
2025 දෙසැම්බර් මස 18
360
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
215
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නියඟයෙන් කුඩා වැව් දහදාහක් සිඳෙයි