(නිමල කොඩිතුවක්කු)
එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය පිළිබඳව සහ පක්ෂ ව්‍යුහය සකස් වන ආකාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමක් හෙට (09) දිනයේ පැවැත්වෙන බවත් එහිදී අවසන් තීන්දුවක් ගන්නා බවත් එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පැවැසීය.
මෙම හමුව පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන බවත් මහලේකම්වරයා සඳහන් කළේය.
සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට අද (08) එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් කී සැරයක්නම් රැස්වුනද ? තවම බැරිවුණාද තීරණයක් ගන්න. මේකනම් කවදාවත් හරියන පක්ෂයක් නෙවෙයි. ඔයාලාට ඔය විදියටනම් කවදාවත් බලයට එන්නනම් ලැබෙන්නේ නැහැ. අඩුම ගන්නේ ශක්තිමත් විපක්ෂයක් වත් වෙන්න බලන්න. මොකද ශක්තිමත් විපක්ෂයක් නැතිවුනාම ඒකේ අහිතකර ප්‍රතිපල මුළු රටටම බලපානවා.
එක්සත් ජාතික පක්ෂයේ නායකයන් වන රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, රවී කරුණානායක මහතාගේත් අසිර්වාදය ඇතිව පක්ෂයේ අන් සියලු දෙනාගේත් කැමැත්ත අනුව දැනට දේශපාලනයේ නොසිටින උගත් බුද්දිමත් තරුණ නායකයකු එකසත් ජාතික පක්ෂයට එක්කරගත යුතුවේ. වර්තමාන නායකයන් සියලු දෙනා අඩු වැඩි වශයෙන් පක්ෂයේ දියුණුවට කල සේවය පාක්ෂිකයා අගය කරනු ඇත. නායකත්වය දැනට සිටින නායකත්වය මතම රදවා ගනිමින් කෙටි කලක් තුලදී පක්ෂයේ "කැපිපෙනෙන වෙනසක් " සිදු නොඋවහොත් බොහෝ පර්ශිකයන් වෙනත් පක්ෂ කරා යනු ඇත.
ඔන්න හුනා කියන්නහේ කියන්නම්, ඕකට වැඩිම උනොත් කමිටුවක් පත්කරයි. කමිටු වාර්තාව එද්දී නැව ගිහින්න් නේ?
එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට කවුරුන් ඉදිරියේදී පත් උවත් නිතිය පිළිබද දැනුමක් මෙන්ම යමක් හොදින් විශ්ලේෂණය කිරීමට හැකියාව සහ ( convincing power ) අත්‍යවශ්‍ය වේ. එසේ නොමැති උවහොත් පත්වන නායකයා ට පතොලයකු වීමට සිදුවේ.
දුරදක්නා නුවනක් නැති හිටපු මන්ත්‍රීන්, ඇමතිවරුන් හා නොමේරූ අඩු බුද්ධියක් ඇති නායකයින් නිසා ඉතාමත් කනගාටු තත්වයක් එක්සත් ජාතික පක්ශයට අද වෙලාතියෙන්නෙ. උදාර සේනානායක මහතුන්ගේ පක්ෂය අද අම්බලමක් බවට පත්වෙලා ඉබාගාතෙ අතනින් මෙතනට මෙතනින් තව තැනකට ඇවිදන් යන හිඟනුන්ගේ පදිංචිය නිසා. දැනට නායකයින් කියාගෙන ගිරිය කඩාගන්නා අයටවත් හිටපු නායකයිනටවත් රටේ ජනතා පැතුම් අනුව මේ පක්ෂය මෙහෙයවීමට මොවුනට නුවනක් නැතිබව පෙනේ.
නායකත්වය ගැන තීරණයක් ගන්න පමණක් නොවේ නායකයා පක්ෂයෙන් නෙරපීමට මංසන්දි ගානේ මාධ්‍ය සංදර්ශන තැබූ පිරිස සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාට හා සමානවම විනය පරීක්ෂණයක් පැවැත්වීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කල යුතුය.
බඩගානවා, වැඩේ ඉවරයක් නොකර.
රටේ පැරණි ප්‍රධානතම පක්ෂය අවසානය කරා යමින් සිටී.
මොන තීරණද. වියපත් බඹරා වෙනුවට ජාතිවාධිකයෙක් ඕනේ. නැතිනම් ඉතින් ශ්‍රීලනිපයට වෙච්ච දේට වඩා හානියක් වෙනවා නියතයි. හරියට සමසමාජ පක්ෂය වගේ වේවි.
නායකත්වය ගැන ගතයුතු තීරණය රනිල් ඉවත් කිරීම සහ සජිත් නායකත්වයට පත් කිරීමයි. එලෙස නොවුනහොත් එජාපයට අනාගතයක් නෑ. දැන් වසර 25 ක් විතර එජාපයේ එකම නායකයා රනිල්. ඒ කාලය පුරාවටම එජාප ජනාධිපතිවරයෙක් බිහිවුනේ නෑ. හැමදාමත් වුනේ කොමිටි පත්කරලා කල්මරලා නායකත්වයේ රැදීමයි. කෙතරම් පරාජය වුනත් ජනතා අප්‍රසාදයට පත්වුනත් තමන්ගේ නොහැකියාව රනිල් සහ ගෝලයෝ කීපදෙනා තේරුම් අරන් නෑ.
රනිල්ගේ දෙබිඩි චරිතය රන්ජන් හරහා ඔප්පු වී ඇත. ඔහු ඉල්ලා අස්විය යුතුය.. ඒ වගේම ඔහුට නීතිය ක්‍රියාත්මක කළයුතුය. හැබයි එහෙම වෙන්න තියෙන ඉඩ අඩුය..
රනිල් නැති දා පක්ෂයද නැත.