
( පාලිත ආරියවංශ)
දුරකථන සමාගමක සේවකයන් බව හගවමින් බදුල්ලේ පිරිවෙන් විහාරස්ථානයකට පැමිණි තරුණයන් දෙදෙනෙක් නායක හාමුරුවන්ගේ ජංගම දුකරථනයේ සිම් පත සොරකම් කරගෙන ගොස් එම සිම්පත උපයෝගි කර නායක හාමුදුරුවන්ගේ බැංකු ගිණුමෙන් රුපියල් ලක්ෂ හයහමාරක මුදලක් වංචනික ලෙස ලබාගෙන ඇතැයි බදුල්ල පොලිසිය පවසයි.
එම නාහිමියන් පොලිසියට කරලද පැමිණිල්ලේ සඳහන් වන අන්දමට පසුගියදා උන් වහන්සේට බැංකුවෙන් යැයි පවසමින් දුරකථන ඇමතුමක් ලැබී තිබේ.
ගිණුමට අදාලව වැඩිකළ වැට් ගාස්තු අඩුකිරීමට රජයෙන් උපදෙස් ලැබී ඇති බැවින් ඒසඳහා බැංකු ගිණුම්වල තොරතුරු දෙන්නැයි දුරකථනය ඔස්සේ ඉල්ලාසිටි නිසා උන් වහන්සේ සියලු බැංකු තොරතුරු ලබාදී තිබේ.
දින කීපයකට පසු විහාරස්ථනයට පැමිණි නාඳුනන තරුණයන් දෙදෙනෙක් දුරකථනයේ දෝෂයක් තියෙනවාදැයි අසා තිබේ. ඒ වනවිටත් දුරකථනයේ කුරු කුරු ශබ්දයක් පැවතීම නිසා ඔව් මහත්තයා කතාකරනදේ පැහැදිළිත් නැහැ යනුවෙන් පවසා තිබේ.
හරි ඒක හදන්න තමයි ආවේ කියා ටිකවේලාවක් දුරථනය සකස් කරමින් සිටි සැකකරුවෝ හාමුරුවනේ අපේ ආයතනයට පණිවුඩයක් දිය යුතු යැයි පවසා ඒ සඳහා හාමුරුවන්ගේ ජංගම දුරකථනය ඉල්ලාගෙන තිබේ.
කිසියම් දුකරථන පණිවුඩයක් ලබාගෙන බොහොම ස්තුතියි යනුවෙන් පැවසූ සැකකරුවෝ ජංගම දුරකථනය හාමුරුවන්ට බාරදී විහාරස්ථානයෙන් පිටවී ගොස් තිබේ.
ඉන්පසු හිතවත් දායකයෙකුට දුකථන පණිවඩුයක් ලබාදීමට උත්සාහකල අවස්ථාවේ දුරකථනය ක්‍රියාත්මක නොවීම නිසා සොයා බැලීමේදී අනාවරණය වී ඇත්තේ එහි සිම්පත නැති බවයි.
සිමිපත් කිසියම් කූඨ කටයුත්තක් සඳහා යොදාගැනීමට සොකරම්කර ඇතැයි සැක සිතූ හාමුරුවෝ මුලින්ම බැංකු ගිණුම් තාවකාලිකව අක්‍රීය කිරීමට බැංකුවට ගිය අවස්ථාවේ කිසිවෙකු විසින් සිය ගිණුමෙන් රුපියල් ලක්ෂ හයහමාරක මුදලක් ලබාගෙන ඇති බව හෙළිවී තිබේ.
2025 දෙසැම්බර් මස 18
592
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
291
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1092
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නායක හාමුරුවන්ගේ බැංකු ගිණුමෙන් ලක්ෂ හයහමාරක් උස්සලා
හොලා Monday, 29 July 2024 03:19 PM
දායකයින්ගෙන් ගන්ට යෑ...
fairoos Monday, 29 July 2024 05:16 PM
අනේ පව්, මෙහෙමත් ලෝක හොරු...!
පැරකුම් Tuesday, 30 July 2024 02:24 PM
සිල්වත්කම කෙසේ වෙතත් ධනවත්කම නම් ඉහවහා ගිහින්. ඒ වුණාට බුද්ධිමත්කම බිංදුවයි...!