
(අංජුල මහික වීරරත්න)
නායයෑම් ආපදා මඟින් බලපෑමට ලක් විය හැකි සමස්ත කලාප නිර්ණය කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
රටේ සමස්ත භූමි ප්‍රමාණයෙන් 30%ක් පමණ වන කඳුකර ප්‍රදේශය නායයෑම් අවදානමකින් යුක්ත බවත්, එය දිස්ත්‍රික්ක 14ක් ආවරණය වන පරිදි පැතිරී පවතින බවත් හඳුනා ගනු ලැබ ඇත. එලෙස නායයෑම් සිදු විය හැකි කඳු බෑවුම් සහ ඒවායේ ව්‍යාප්තිය කලින් හඳුනා ගැනීමේ මූලික ක්‍රම වේදයක් වශයෙන් නායයෑම් උපද්‍රව කලාප සිතියම් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් සකස් කර භාවිත කරනු ලබයි. ඒ අනුව, 2023 වර්ෂය වන විට ශ්‍රී ලංකාවේ නාය යෑමේ අවදානමට ලක් විය හැකි බොහෝ ප්‍රදේශ ආවරණය වන පරිදි නායයෑම් උපද්‍රව කලාප සිතියම් සකස් කරනු ලැබ ඇත. නායයෑමක් ආරම්භ වීමේ ලක්ෂණ පවතින කලාප පමණක් එවැනි කලාප සිතියමකින් පෙන්නුම් කරනු ලබයි. එහෙත්, නායයෑම් අවදානම් කළමනා කරණයේදී නායයෑම් ආරම්භක කලාපය, සුන්බුන් ගලායන මාර්ගය සහ සුන්බුන් තැන්පත් වන කලාපය ඇතුළුව නායයෑම මඟින් බලපෑමට ලක් විය හැකි සම්පුර්ණ ප්‍රදේශයම හඳනා ගැනීම අත්‍යවශ්‍ය වේ.
එම තත්ත්වය හඳුනා ගනිමින් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් ' නායයෑම් ආපදා මඟින් බල පෑමට ලක් විය හැකි සමස්ත කලාපය (Total Impact Zone) නිර්ණය කිරීම (රතු සහ කහ කලාප නිර්ණය කිරීමේ ක්‍රම වේදය භාවිතයෙන්) නමින් ව්‍යාපෘතියක් යෝජනා කර ඇත. ඒ අනුව, දිවයිනේ නායයෑම් ආපදා අවදානම අවම කිරීමේ කඩිනම් අවශ්‍යතාව සැලකිල්ලට ගනිමින් එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස ආරක්ෂක අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දෙන ලදී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරුණාකරලා පසුගිය මැතිවරණ වලින් නාය ගිය පක්ෂ කාර්යයාල තියෙන තැනුත් ඒ සිතියමට ඇතුළත් කරන්න. මොකද ඉදිරියේදී තවදුරටත් නාය යන්න තියෙන ඉඩප්‍රස්ථාව ඉතාමත් වැඩි නිසාය.