(සමන් පාලිත නානායක්කාර)
පවතින මහ වැසි සමග නාය යාමේ අවදානමක් මතුවී ඇති බැවින් හපුතලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තංගමලේ ග්ලැනෝර් වත්තේ පවුල් තිස් දෙකක් අද( 20 ) ආරක්ෂිතව ඉවත් කළ බව හපුතලේ ප්‍රාදේශීය ලේකම් ගයානි කේ රණතුංග මහත්මිය කීවාය.
ග්ලැනෝර් වත්තේ අංක 10 නිවාස පේලියේ සහ අවට තවත් නිවාසවල පදිංචිව සිටි පවුල් 32ක සාමාජිකයින් අසූ නම දෙනෙකු මෙලෙස ඉවත් කර තිබේ.
මෙසේ ඉවත් කළ පවුල් 32ක පුද්ගලයින් ග්ලැනෝර් මහා විදුහලේ තාවකාලික කඳවුරක රඳවා ඇති බවද ප්‍රාදේශීය ලේකම් තුමිය කීවාය.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය මෙම ප්‍රදේශයේ සිදුකළ භූමි පරීක්ෂණයකදී ජල පහරවල් මතුවීම හා භූමිය ගිලාබැසීම් නිරීක්ෂණය කිරීමත් සමඟ නායයාමේ පූර්ව ලක්ෂණ ඇති වී ඇති බැවින් කඩිනමින් මෙම පවුල් ඉවත් කිරීමට අද දින නිර්දේශ ලබාදී තිබේ.
මේ අතර හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් බෙරගල බ්ලැක්වුඩ් විද්‍යාලයට ඉහළ කන්දේ බුරුල්ව ගල් පර්වත කීපයක් විදුහල් ගොඩනැගිලි වලට පෙරළීමේ අවදානමක් මතුවී ඇති බැවින් එම පාසලේ දූ දරුවන් හෙට 21 හල්දුම්මුල්ල දෙමළ මහා විදුහලේ වෙන් කරගත් වෙනම ශාලාවක ඉගැන්වීම් කටයුතු සිදු කිරීමට සැලසුම් කර ඇති බව හල්දුම්මුල්ල කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂක නිලානි ධම්මිකා මහත්මිය කීවාය.
2025 දෙසැම්බර් මස 16
18
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
නාය අවදානමෙන් හපුතලේ පවුල් 22ක් ඉවතට