
(රෝෂන් තුෂාර)
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් සිටියදී අයතා ලෙස උපයාගත්තේ යැයි කියන රුපියල් මිලියන 15ක මුදලක් හෙලෝකෝප් සමාගමේ ආයෝජනය කිරීමෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කළ බව පවසමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු පස් දෙනෙකුට එරෙහිව ඉදිරිපත් කර ඇති පැමිණිල්ල ජනවාරි 29 වැනි දින යළි කැඳවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී ජයතුංග මහත්මිය අද (07) නියම කළාය.
මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඇතුළු සැකකරුවන් අධිකරණය පෙනී සිටි අතර විමර්ශන සම්බන්ධයෙන් උදෘත නීතිපතිවරයාට යොමු කර ඇතත් මෙතෙක් නීතිපති උපදෙස් ලැබී නොමැති බව රහස් පොලිසිය අධිකරණයට කරුණු දක්වමින් පැවසීය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය නීතිපති උපදෙස් ලබා ගැනීම සම්බන්ධයෙන් සිහිකැඳවීමේ ලිපියක් යොමු කරන ලෙසට නියෝග කරමින් පැමිණිල්ල ජනවාරි මස 29 වනදා යළි කැඳවීමට නියෝග කළ අතර එදින විමර්ශන කටයුතුවල ප්‍රගතිය දැනුම් දෙන ලෙසත් නියෝග කළාය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම නාමල් රාජපක්ෂලා හොරකම් කලා නම් එවා හොයන්න ඕනෑ හැබැයි මේ මිනිස්සු හිඟන්නෝ නෙමෙයි නේ මේ කෝටි එකහමාරක් වත් නැති වෙන්න තරම් ගමේ සිල්ලර කඩයක් කරන මිනිහෙක්ටත් වත්කම් බැලුවොත් ඔයිට වඩා තියෙනවා
දේශපාලනයට එන්න කලින් හිඟන්නෝ, ආවාට පස්සෙ පෝසත් වුනේ. කොහොමද එහෙම වුනේ කියලා හොයන්න ඕනෑ.
දූෂිත පවුල් පාලනේ හැම එකෙක්ම මහාපරිමාණ හොරකම් වන්චා දූෂන කරපු බලලෝලි බඩගෝස්තරවාදි දූෂිත දේසපාලුවෝ කියලා ලෝකෙම දන්නවා .ඇමරිකාවෙත් ඉන්නවා එහෙම කෙනෙක්? සාටකයෝ ආර්තික ගාතකයෝ පට්ට හොරු කියලා අදිකරණයෙන් පවා වරදකරවන් වෙච්ච් උන් ?