
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)
දේශපාලකයන්ට කඩේ ගියාම වෙන දේ ගැන හොඳින් අධ්‍යයනය කරන්නැයි පොලිස්පතිට කියන බව පත්කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැවසීය.
පාරට කාපට් කන්නද කියලා එදා ඔබලා විපක්ෂයේ ඉද්දී ඇහුවා. එහෙම ඉතිහාසයක් තියෙන උදවිය අද පාරවල් හදන්න මහන්සි වෙනවා. ඒක හොඳයි.
ඔබේ ආණ්ඩුවේ ප්‍රගතිය ගැන අපි කාටත් ප්‍රශ්නයක් තියෙනවා.එක් එක් අමාත්‍යංශ වලින් ලැබූ ප්‍රගතිය මොනවාද? පහුගිය අය වැයේ වෙන් කළ මුදලින් කොපමණ ආයෝජන කර තිබෙනවාද? ඒ ගැන ජනතාවට දැනුම් දෙන්න.දීපු මුදල් වියදම් කරලද? නැද්ද? කියන සාකච්ඡාවක් අද තියෙනවා.
මීළඟ මාස හතරේ යම් සංවර්ධන වැඩපිළිවෙළක් ඉටු කරනු ඇතැයි අප හිතනවා. දැන් පහුගිය අවුරුදු වලට බැන බැන කාලේ නාස්ති කරන්න එපා .මේ යන්නේ දෙවැනි අවුරුද්ද .පසුගිය කාලයේ පොලිසිය දේශපාලනීකරණය කිරීම ගැන කතා කළා.අද පොලිස් කොමිසමේ ස්වාධීන බව නැති කරලා.
පොලිස්පතිට බලය ගන්න හදනවා.ඒකෙන් අපේක්ෂා කරන්න හදන්නේ මොකක්ද? ජනතාවට සේවය කරන්නද? හොරු අල්ලනද? දැන් පහුගිය කාලේ සත්තු වත්තෙන් සත්තු තිස් දෙන්නෙක් හොරකම් කරගෙන ගිහිල්ලා. පොලිස් කොමිසමට ඒ මාරුවීම් ලබාදෙන්න ඉඩ දෙන්න.ඒකට දේශපාලන මැදිහත්වීම් කරන්නේ ඇයි? යනුවෙන්ද නාමල් රාජපක්ෂ මහතා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ අවවාදයට නම් කාගෙ කාගේත් ඇස් ඇරෙන්න ඕනෑ. තියෙන තත්ත්ව වෙනස් වෙන්නේ නොහිතන විදිහට... අන්තිමට ලෙඩේ වැටෙන්නේ කඩේ යන අයට...
ඉන්නකෝ තව ටිකක්...
කඩේ ගිහිල්ලා හරි ජනතාවට අවශ්‍ය වෙනස සිද්ද වෙනවා නම් එච්චරයි...
නාමල් දැන් උබට මරු කියවෙනවා ඇති, ඒකට අපිට කරන්න දෙයක් නැහැ, රටේ මහජන මුදල් නාස්ති කරමින් ඔය බහුභූත කියවන්න එපා, ඒකට මැද මුලන මොංගල් පාර්ලිමේන්තුවක් අටවා ගනින් !
ඔබේ තාත්තා සහ බාප්පලා තමයි රාජ්‍ය සේවකයන්ව කඩේ යැව්වේ ඒ අයගේ රස්සාව ඇපේට තියාගෙන…
ඇයි බේබි බයද හෙන්චයියලා ටික ඈතට දාලා, අලුත් කස්ටිය දැම්මලා බේබිලාගේ කෙරුවාවල් හොයා ගනී කියලා. ඇත්තටම අපිත් කැමැතියි ඒකට. යුද්ධය එළියට දාගෙන, දේශප්‍රේමීත්වයක් රටට පෙන්නපු උන්දැලා, ඇත්තටම කරපු වින්නැහිය ඇස් පනාපිට එලි වෙනවා දකින්න අපි ඇත්තටම කැමැතියි...
අනේ යන්න. මොනවද මේ දොඩවන්නේ...? කිසිම තේරුමක් නැති උඹටවත් නොතේරෙන මොනවද මේ...?
ඔහෙලට කඩේ ගිය දේශබන්දු වගේ පොලිසියේ අයට නම් තොණ්ඩුව තද වෙනවා. කොන්ද කෙළින් තියාගෙන නීතිය ක්‍රියාත්මක කරන පොලිස් නිලධාරීන්ට එහෙම වෙන්නේ නැහැ.
පසුගිය වසර 75 ක්ම උනේ මාරුවෙන් මාරුවට හොරකම් මිනීමැරුම් කරන්න බලය ගන්න එක. බලය ගත්ත එකා පැරදුන එකා බේරනවා. හේතුව තමනුත් පැරදුන දවසට බේරපන් කියල. නාමල් මේ කියන්නේ මාලිමාවටත් ඒ විදිහට යමු කියලා. නැත්නම් උබලට ගේම දෙනවා කියලා.
කොල්ලෝ , දැන්වත් සෙල්ලම් ගෙවල් වලින් එළියට වරෙන්.
මොනවා කරන්නද ?අබුද්දස්ස කාලේ ?
ඔබගේ පියා විසින් කෝට්ටේ පාර වහලා රනිල්ට සපෝට් එකට කාපට් කලා අපට මතකයි. දැන් මොනවද මේ කියවන්නේ?
දූෂිත පවුල් පාලනේ හොර පෙරකදෝරුවා වැඩ කරන විදිය පොලිස්පතිතුමාට කියලා දෙන්ඩ හදනවා..චන්දෙන් පැරදෙන බව දැනගෙන ජාතික ලැයිස්තුවෙන් රින්ග ගෙන පොරක් වෙන්ඩ හැදුවට වැඩක් නැහැ. සාටකයෝ දූෂිතයෝ ආර්තික ගාතකයෝ මිනිමරුවෝ බලලෝබී බඩගෝස්තරවාදීයෝ කියලා ලෝකෙම දන්නවා .
නාමලයා පාලමෙන් එහා පැත්තෙලු. උබ කොයි පැත්තේ හිටියත් මාලිමාවට පාංද.