
(සුජිත් හේවාජුලිගේ)
කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පාතාලකරුවන් සමග සබඳතාවක් තිබුණා නම් එය නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ හෘද සාක්ෂිය එය හොඳාකාරවම දන්නවා ඇති යැයි මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය.
" ආණ්ඩුව ඉදිරියේදී අපිත් ඔය පාතාලකරුවන්ට ගාවන්න ඉඩ තියෙනවා" යැයි නමල් රාජපක්ෂ මහතා කර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් කළ විමසුමකදී ඔහු එසේ පැවසීය.
ශ්‍රී ලංකා පොලිසිය සාමාන්‍ය කට කතාවලට සහ ඕපාදූපවල කටයුතු නොකරන බවද මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය.
විමර්ශනවලින් තොරතුරු අනාවරණය වීමටත් පෙර ඔහු එසේ ප්‍රකාශ කිරීම ප්රශ්නකාරී බවද ඔහු සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෙහෙල් කැන වැටපැන්නා වගේනේ..!
ඕකට පොදු වහරේදී මිනිසුන් කියන්නේ හොරාට පෙර කෙහෙල්කන වැට පැන්නාය කියලයි.
ඇමැතියා, මේ අය තොත්ත බබාලා, JVP කියන්නේ බහුතරයක් මිනී මරපු අය, මහා උන්දැලා කට උල් කරලා පච නෙලන්නේ, කෝ නඩු තියෙන අමැතිලාගේ නඩු පරක්කු, අපිත් දුන්නු මෝඩකම, ඊ ළගට එන ආන්ඩුවලට මේකලා පාර හදලා ඉවරයි .
අපි නාමල් සහ රාජපක්ෂලාගේ කෙරුවාවල් හොඳට දන්නවා...
නාමල්ගේ හැම වචනයකටම ආණ්ඩුව සලිත වෙන්නේ ඇයි? මිනිස්සුන්ට දුන්නු පොරොන්දු ඉෂ්ඨ කරනවා නම් ඔච්චර බයවෙන්න අවශ්‍යද?
මෝඩ බේබි කියන්නේ නිකම් නෙමේනේ. අම්මයි තාත්තයි තමයි. මයින් බේබිට ඔටුනු පැළදුවේ හොර සහතික හදලා දිලා. තුන්දෙනාම මෝඩයි. කතා කරන්න්නත් කව්රු හරි ලියලා දෙන්න ඕනෑ. නැත්නම්. මයි බේබි. නාකි මයිනාගේත් පටි රෝල් කරනවා. අරක්කු බාගයක් බොන්න දීලා රතු පාවඩ එලලා මයික් එක අතට දුන්නා නම්. පව්ලේ කටයුතු කරපු හොර මගඩි වැඩ සේරම අහ ගන්න පුලුවන්... මේවා කියනකොට වෙරි වෙලා හිටියේ නැහැනේ...
දූෂිත පවුල් පාලනේ හොර පෙරකදෝරුවා ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. එක වල්ලේ පොල්. සාටකයෝ ආර්ථික ඝාතකයෝ කියලා අදිකරණයෙන් පවා වරදකරුවන් වෙච්චි. සුදුවෑන් ඝාතන අතුරුදහන් මිනිමෝරු කරවපු උන් .. නෑමොළයාට රණවිරුගාය හැදිලා, හිරේයන්න වෙයි කියලා බයට....