
(යොහාන් භාසුර)
දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ එම්. ඒ. සුමන්දිරන් මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා අතර සාකච්ඡාවක් අද (10) පැවැත්විය.
එම සාකච්ඡාව ඒ, එම්. ඒ. සුමන්දිරන් මහතාගේ කොළඹ පිහිටි නිවසේදී පැවැත්විණි.
එම හමුවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් ද සහභාගිවිය.
වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව එහිදී සාකච්ඡා කළ බවත් ඉලංගෙයි තමිල් අරසු පක්ෂය සමග සාකච්ඡා කිරීමට තමා අපේක්ෂා කරන බව නාමල් රාජපක්ෂ එහිදී ප්‍රකාශ කළ බවත් ආරංචි මාර්ග සදහන් කරයි

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.