
(ආරියරත්න රණබාහු)
ජාතික නාමල් උයන රැක ගැනීම සඳහා සහාය දුන් මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය ආයතන වලට සම්මාන ප්‍රදානය කිරීමේ උත්සවය අග්‍රාමාත්‍ය යා දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අරලිය ගහ මන්දිරයේ දි අද පස්වරු වේ පැවැත්විණි.
නා ගස්වලින් පිරුණු ශ්‍රී ලංකාවේ විශාලතම වනාන්තරය ලෙස මෙම උයන සැලකෙන අතර දකුණු ආසියාවේ විශාලතම රෝස තිරුවානා කඳුවැටියද මෙහි පිහිටා තිබේ.
එම කඳුවැටියේ සංරක්ෂණ කටයුතු ආරම්භ කර වසර 33ක් පීරිම සැමරීමද මෙම උත්සවයට සමගාමීව පැවැත්විණි.
මෙම නාමල් උයනේ ප්‍රගතිය වෙනුවෙන් කටයුතු කළ දිවංගත ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී න් රැසක් සිහිපත් කිරීම සඳහා විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් ද පැවැත් විණි.
මධ්‍යම සංස්කෘතික අරමුදල විසින් මෙම නාමල් උයන පිළිබඳව සකස් කළ වාර්තාවක් අග්‍රාමාත්‍යවරයාට පිළිගැන්වීම සහඅනාගත පරීක්ෂණ සඳහා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කලා පිඨය හා ගිවිසුම් ගත වීමද සිදුකෙරිණි . අනතුරුව දිවයිනේ සියලුම මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය ආයතන සඳහා සම්මාන ප්‍රදානය කෙරිණි.
ජාතික නාමල් උයනේ නිර්මාතෘ වනවාසි රාහුල හිමියන් ගේ කාර්යභාරය ඇගයීම වෙනුවෙන් අග්‍රාමාත්‍යවරයා විසින් උන්වහන්සේට විශේෂ තීරණයක්ද ප්‍රදානය කරනු ලැබිණි.
මෙම උත්සවය අමතා වනවාසී රාහුල හිමි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක යන මහත්වරු කතා කළහ .
(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)




2025 දෙසැම්බර් මස 18
434
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
244
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1032
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නාමල් උයන රැකීමට සහය වූ මාධ්‍ය ආයතනවලට සම්මාන
achini Wednesday, 01 May 2024 09:38 AM
ඉස්සර පාර්ලිමේන්තුවේ රනිල් හොරා හොරා කියලා කෑගැහුවා .දැන් රනිල්ට වඩා කෙනෙක් නෑ