
(අංජුල මහික වීරරත්න)
පළාත් පාලන මැතිවරණයේ නාම යෝජනා කැඳවීමේදී නිසි නීතිමය ක්‍රමවේද මැතිවරණ කොමිසම අනුගමනය කර නැතිනම් මැතිවරණය වෙනුවෙන් දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් තැන්පත් කරන ලද ඇප මුදල් කොමිසමේ සාමාජිකයන්ට පෞද්ගලික මුදලින් ගෙවීමට සිදුවනු ඇතැයි නීති විශාරදයින් පිරිසක් ආණ්ඩුව දැනුම්වත් කර තිබේ.
මැතිවරණ කොමිසමේ සභාපති ඇතුළු සාමාජිකයන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉකුත් බ්‍රහස්පතින්දා (05) සවස මුණ ගැසුණු අවස්ථාවේදී ද ජනාධිපතිවරයා මේ ගැන ඔවුන්ගෙන් විමසා ඇත.
මැතිවරණයට අදාලව නාම යෝජනා කැඳවීමට ප්‍රථම මැතිවරණ කොමිසම මගින් අදාළ සියලු පාර්ශව කැදවා සාකච්ඡා කළ යුතුව ඇත. තේරිම් භාර නිලධාරීන්, සහකාර මැතිවරණ කොමසාරිස්වරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන්, පොලීසිය ඇතුළු ආරක්ෂක අංශ කැඳවා සාකච්ඡා කිරීමකින් තොරව මැතිවරණයට අදාළ කිසිදු නිවේදනයක් නිකුත් කළ නොහැකි බව නීති විශාරදයන් පවසා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විවිධ හේතු දක්වමින් මැතිවරණ කල්දැම්මොත් කලට වේලාවට මැතිවරණ නොපැවැත්වීමෙන් ප්‍රජාතන්ත්‍රවාදයට හානි සිදුවන අතර, ප්‍රජාතන්ත්‍රවාදයට සහ ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමට ජනතාව පාරට බැස්සොත් සමහරුන්ට ජීවිත සහ දේපොළ වලින් වන්දි ගෙවීමට සිදුවන බව රටේ ආර්ථිකය අවුල් වෙන බවත් සියලු දෙනාම සිහියේ තබාගත යුතුයි.
අපේ ඡන්ද අයිතිය උදුරා ගන්න එපා. මුදල් ඉතුරු කරගන්න ඕන නම් පළාත් සභා ඡන්දෙත් මේ සමගම එකම දිනක ලබන මාර්තු මාසයේ තියන්න. පළාත්සභා වලට මහජන නියෝජිතයෝ පත්කර නොගත්තට එහි වියදම් විශාල ලෙස අඩු වෙන්නේ නැහැ. නිලධාරී කාර්යය මණ්ඩල වලට කොහොමත් වියදම් කරන්න සිදුවෙනවා. පළාත් සභා හොඳ නැතිනම් අහෝසි කරලා දමන්න.
මැතිවරණයට බය කරන විගඩම්.
පළාත් පාලන මැතිවරණය මුළුමනින්ම අහෝසි කරන ලෙස ඉල්ලමින් පුරවැසියන් අධිකරණයට යනු ඇත.
රටක නීතියක් තියනවා .මිනිස්සුන්ගේ මූලික අයිතිවාසිකම තියනවා මේ කරන්නේ බය ගැන්වීමක් නේද.චන්දයට බයේ නිලධාරීන් බය ගන්වනවා .බල තණ්හාවට .තණ්හා ජායතී ශෝකෝ තමා කියන්න වෙන්නේ
මේ මැතිවරණයට සේරම අංචි අදිනවා.
මොක්කක් හරි බොරු විගඩමක් නටල මැතිවරණයක් නොතිබ්බොත් රටේ මිනිසුන්ට වෙන විකල්පයක් නැහැ පාරට බහිනවා ඇරෙන්න , එකටත් සුදානම් වෙලා ඉන්න , ඔය විශාරදයෝ කියන බත්බැලයෝ එතකොට හොයන්නත් නැතිවෙයි.
කොමිසමට නිලධාරීන් පත්කරලා තියෙන්නේ ජනතාව නෙවෙයිනේ.... සුදුසුකම් ඇති අයනේ ඒ අය... ඒවා හරියට කරාවි. මහබැංකුව කඩපු එකට මොකද වෙන්නේ කියලා ජනතාව තවමත් බලන් ඉන්නේ... ඒක පරීක්ෂා කරන්න නම් කෝටි ගාණක් වියදම් කළා නේද?
ඔය මොනවා කරලා මැතිවරණ තිබ්බත් නැතත් මහ විනාසයක් වෙන්නේ නෑ. මොකද අපේ රටේ බහුතරයකට දේශපාලන ක්ෂාක්ෂරතාව අඩුයි. පළාත් පාලන ආයතන සුදු අලියෙක්. මේවා රජ්‍ය නිලධාරීන්ට කරගෙන යන්න පුළුවන්. ඕනෑනම් ජනතා සහභාගීත්වයකට ගම්සභා ක්‍රමය කහොඳයි. ඒත් ඉතින් දූෂණ වලකන්න බැරි වෙයි. හිතවතුන්ට කොන්ත්‍රාත් දෙන හිතවතුන්ගේ පාරවල් හදන නිවස සැලසුමක් අනුමත කරගන්න අත මිට මොළවන්න ඕන නම් කානු ටික සුද්ධ කරගන්න බැරිනම් කුණු රොඩු ටික අස්පස් කරගන්න ක්‍රමයක් නැතිනම් ආයේ ඕවා කාලගෝට්ටි මඩු විතරයි. ප්‍රාදේශීය සභා ආවම සුදුසුකම සමාන්‍ය පෙල සමත් කියලවත් ගන්නවානම් සභාපති වෙන්න මූලික උපාධියක් බලනවානම් තරමක් හරි සුබවාදී වෙන්න පුළුවන්.
මේවා නිකම් බොරු සංදර්ශන. මේ අය කවදාවත් ලංකාවේ මොනම ඡන්දයක්වත් ආයෙ තියන්නේ නැහැ. ඊට එරෙහිව නැගෙන ජනතා විරෝධය පොලිසිය හමුදාව දාලා මර්ධනය කරනු ඇත.
මැතිවරණ කොමිසම හරියට වැඩේ කරගෙන යයි. පිට කවුරුවත් කලබලවෙන්නේ මොකද? මීට ප්‍රථම තියපු මැතිවරණවලදි මේවගෙ ප්‍රශ්ණ තිබුනේ නෑනෙ.
කවුරු නමුත් අදහස් පලකොට තියෙන්නෙ මැතිවරණ කොමිසමක් තිබීමට අකමැති බවක් පෙන්වමින් කියලා පේනවා නැත්නම් මැතිවරණ වෙනුවෙන් රජයට ගෙවූ මුදලක් රජයෙන්ම නොගෙවා පුද්ගලිකව ගෙවීමට අවශ්‍ය නැහැ.