IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


නාම යෝජනා දිනයේ රාජගිරියේ ගමනා ගමනයේ වෙනසක්

(ගයාන් සූරියආරච්චි)

ජනාධිපතිවරණයට නාමයෝජනා බාරදීම වෙනුවෙන් ක්‍රියාත්මක කෙරන විශේෂිත ආරක්ෂක හා රථවාහන සැලැස්මට පොලිස් නිලධාරීන් 1300 කට අධික නිලධාරීන් පිරිසක් යොදවන බව වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති රුවන් ගුණසේකර මහතා පවසයි.

ජනාධිපතිවරණය සදහා නාම යෝජනා බාරදීම අනිද්දා (15) මැතිවරණ මහලේකම් කාර්යාලයේදී පෙරවරු 8.00 ත් පස්වරු 11.00 ත් අතර කාලය තුළ සිදුකෙරන අතර එදින පස්වරු 2.00 දක්වා විශේෂ රථවාහන සහ ආරක්ෂක වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවද වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

එදින ක්‍රියාත්මක කෙරන රථවාහන සැලැස්මට අනුව පොල්දූව දෙස සිට නාවල පාරෙන් කොළඹට ඇතුළු වන සියලුම වාහන සාමාන්‍ය පරිදි වැලිකඩ හන්දියට පැමිණ එතැන් සිට ආයුර්වේද හන්දිය දක්වා ගමන් කර සාමාන්‍ය පරිදි කොළඹට ඇතුළු විය හැකිය.

එහිදී වැලිකඩ හංදියත් ආයුර්වේද හන්දියත් අතර කොලඹට ඇතුළු වන සියුලම අතුරු මාර්ගවලින් ශ්‍රී ජයවර්ධනපුර මාර්ගයට ඇතුළු වන සියලුම වාහන වමට හරවා බොරැල්ල ආයුර්වේද හන්දිය දෙසට ගම් කළ යුතුය.

බොරැල්ල කොටා පාරෙන් සහ කාසල් වීදිය කොළඹින් පිටවන වාහන ආයුර්වේද හන්දියට පැමිණ ආයුර්වේද හන්දියෙන් පරණ පාර ඔස්සේ වැලිකඩ හන්දිය දක්වා ගමන් කළ හැකිය. එමෙන් ම අතුරු මාර්ගවලින් පරණ පාරට ඇතුළු වන සියලුම වාහන වමට හරවා වැලිකඩ හන්දිය දිසට ගමන් කළ යුතුය.

ශ්‍රී ජයවර්ධනපුර මාර්ගය ආයුර්වේද හන්දිය සිට වැලිකඩ දක්වා අනිද්දා (15) උදෑසන 8.00 සිට දහවල් 2.00 දක්වා කොළඹට ඇතුළුවන සහ පිටවන වාහන ගමනය සීමා කෙරේ.

එමෙන්ම තලවතුගොඩ හන්දිය සිට කොළඹ දෙසට ගමන් කරන සියලුම වාහන තලවතුගොඩ හන්දිය, කිඹුලාවල හන්දිය ඔස්සේ පිටකෝට්ටේ හන්දියට පැමිණ නාවල පාර ඔස්සේ නාරාහේන්පිට දෙසට හෝ නුගේගොඩ දෙසට ගමන් කර කොළඹ දෙසට ගමන් කළ හැකිය.

ඔබේසේකරපුර මාර්ගයෙන් පරණ පාට පැමිණෙන වාහන මාදින්නාගොඩ හරහා වැලිකඩ හන්දියට ගමන් කළ යුතු අතර පොල්දූව හන්දියේ සිට බොරැල්ල දෙසට සහ බොරැල්ල සිට පොල්දූව හන්දිය දෙසට කන්ටේනර්, රථ ගල්, වැලි ටිපර් රථවලට ඇතුළුවීම සීමා කෙරෙන බව ද පොලිසිය පවසයි.

එමෙන්ම 176 බස් රථ මාර්ගය නාවල පාරෙන් වැලිකඩ හන්දියට පැමිණ ශ්‍රී ජයවර්ධනපුර මාර්ගය ඔස්සේ ආයුර්වේද හන්දියට පැමිණ ගමනාන්තය දක්වා ගමන් කළ යුතු අතර මාර්ග අංක 170,171, 175,177 සහ 190 යන මාර්ගවල බස්රථ වැලිකඩ හන්දියට පැමිණ ශ්‍රී ජයවර්ධනපුර මාර්ගය ඔස්සේ ආයුර්වේද හන්දිය වෙත පැමිණ ගමනාන්තය දක්වා ගමන් කළ යුතු බව පොලිසිය පවසයි.

රාජගිරිය හන්දිය සිට කොටා පාර, ආයුර්වේද හන්දිය, පරණ පාර, බොරැල්ල හන්දිය දක්වා මාර්ගය අතවශ්‍ය කටයුත්තක් සදහා පමණක් භාවිත කරන ලෙස පොලිසිය රියැදුරන්ගෙන් ඉල්ලා සිටියි.

යම් ජනාධිපති අපේක්ෂකයකු නාමයෝජනා බාරදීම සදහා පැමිණෙන අවස්ථාවේදී රථවාහන තදබදයට අසුවුව හොත් 0718 591741 හෝ 0112 433 333 යන අංකවලට අමතන ලෙස පොලිසිය පවසයි.



අදහස් (0)

නාම යෝජනා දිනයේ රාජගිරියේ ගමනා ගමනයේ වෙනසක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 611 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 296 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site