IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


නාම යෝජනා කැදවෙන්නේ මෙහෙමයි

(සුජිත් හේවාජුලිගේ)

ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා බාර ගැනීම  විශේෂ අාරක්ෂක විධිවිධාන   සහිතව   අනිද්දා  (15) පෙරවරු  9.00 ට  ආරම්භ කෙරෙන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා පැවසීය.

නාම යෝජනා බාර ගැනීම අනිද්දා (15)  උදේ 9.00සිට 11.00 දක්වා සිදු කෙරේ.

නාම යෝජනා සම්බන්ධයෙන්  විරෝධතා දැක්වීම  උදේ 11.00 සිට  11.30  දක්වා   කළ හැකිවේ.

විරෝධතා කාලය අවසන් වීමෙන් පසු පක්ෂ සහ ස්වාධීන අපේක්ෂකයන්  සඳහා ඡන්ද  ලකුණු නිකුත් කිරීම කරන බව  මැතිවරණ කොමිෂන්  සභාව පවසයි.

මේ කාලයේදී  මැතිවරණ කොමිෂන් සභාවට සහ ඒ අවට ප්‍රදේශයට විශේෂ ආරක්ෂාව  සැපයීමට  රජය තීරණය කර ඇත.

නාම යෝජනා බාර ගන්නා අවස්ථාවේදි    එම ප්‍රදේශය අධි ආරක්ෂක කලාපයක් බවට පත් කෙරෙන අතර කලාපයට ඇතුළුවිය හැක්කේ අවසර ලත් පුද්ගලයන් සහ අවසර ලත් වාහනවලට පමණි.

නාම යෝජනා බාර ගන්නා  කාලයේදී   සරණ මාවත ආශ්‍රිත   රජයේ ආයතන සහ රෝහල් වසා දමන  හෙයින් සාමාන්‍ය කටයුතු සහ වෙනත් රාජකාරී  සඳහා පැමිණීමෙන්  වළකින ලෙස මහජනතාවගෙන්  ඉල්ලීමක් කෙරේ.

නාමයෝජනා බාරදීමට ශාලාවට පැමිණිය හැක්කේ අපේක්ෂකයාට සහ තවත් දෙදෙනෙකුට පමණක්  බවත්  ඒ අයට විශේෂ අවසර පත්‍ර නිකුත් කර ඇති බවත් කොමිසමේ සභාපතිවරයා කීවේය.

ඒ වගේම තවත් අමුත්තන් තිදෙනකුට මැතිවරණ කොමසාරිස් කාර්යාලයට  යාබද ගොඩනැගිල්ලේ  රැඳ සිටීමට අවසර  දෙනු ලැබේ

සරණ මාවතට ඇතුළු විය හැක්කේ අපේක්ෂකයා රැගෙන එන වාහනයට  පමණකි.  අපේක්ෂකයා  සරණ මාවතේ අවසාන මාර්ග බාධකය ආසන්නයේදී  වාහනය නවතා මැතිවරණ කාර්යාලයට පයින් ගමන් කළ යුතුය.  අපේක්ෂකයන් සමග එන ආධාරකරුවන්ට රැඳී සිටීමට විශේෂ ස්ථාන සලසා  ඇත.

නාම යෝජනා බාරදීමෙන් අනතුරුව  පෙලපාලි පැවැත්වීම තහනම් බව කොමිසම සඳහන් කරයි.

නාම යෝජනා කැඳවා දින පහක් ඇතුළත අපේක්ෂකයන් කැඳවා එක් අපේක්ෂකයකු  වෙනුවෙන් වියදම් කළ යුතු මුදල දැනුම් දෙන බව කොමිසමේ ප්‍රකාශකයෙක් පැවසීය.

නාමයෝජනා දිනයෙන් පසු නිල ඡ න්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීම ආරම්භ කරන බවද ඔහු සඳහන් කළේය.

ජනාධිපතිවරණයට අයවැයෙන් වෙන්කර ඇත්තේ රුපියල් කෝටි 1000 ක් පමණක් බවත් මෙම මුදල වැඩි කර ගැනීමේ හැකියාවක් නැති බවත් කොමිසම පවසයි.

කෙසේ වෙතත් වැඩිවන අපේක්ෂකයන් අනුව අායතන  වියදම් සහ මුද්‍රණාල වියදම් සියල්ල වැඩි වන බව පවසන  කොමිසම එය විශාල අභියෝගයක් බවද සඳහන් කරයි.

මැතිවරණ කටයුතු නිරීක්ෂණයට යුරෝපා සංගමය සහ පොදුරාජ්‍ය මණ්ඩලය ඉල්ලීම් කර ඇති බවත් ඒ අයගේ වියදමින්  ඒ කටයුතු කරන බවත් ආනන්ද රත්නායක මහතා පැවසීය.

එමෙන්ම මැතිවරණ නිරීක්ෂණ කටයුතු සඳහා ආසියාවේ රටවල් කිහිපයකටද  ආරාධනා කරන බව   ඔහු සඳහන් කළේය.

නාමයෝජනා බාර ගන්නා දින මැතිවරණ කාර්යාලයේ ආරක්ෂාව සඳහා 1500ක පමණ පොලිස්  සහ  පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීහු  පිරිසක්   යෙදවෙති



අදහස් (1)

නාම යෝජනා කැදවෙන්නේ මෙහෙමයි

ගාමිණි Tuesday, 13 August 2024 04:41 PM

රෝහල් ටික වැහුවාට පස්සේ ලෙඩ්ඩු මවුන්ට් එලිසබෙත් යන්නද කියන්නේ...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 611 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 296 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site