IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


නේපාලයේ මිලේච්ඡ ක්‍රියා අනුමත කළ නොහැකි

(අංජුල මහික වීරරත්න)

බුදුන් වහන්සේ උපන් නේපාලයේ මෙලෙස මිලේච්ඡ ක්‍රියා සිදුවීම කිසිසේත් අනුමත කළ නොහැකි බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

හිටපු ජනාධිපතිවරයාගේ නිවේදනයේ මෙසේද සඳහන් වේ.

නේපාලයේ කත්මන්ඩු නුවර ඇති වී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් මගේ අවධානය යොමුව තිබේ. ඒ ගැන මාධ්‍ය ගණනාවක්ම විමසීම් කරනු ලැබිණ.

නේපාලයේ සිදුවූ සියලුම ආකාරයේ තරුණයන් ඇතුළු මිනිස් ඝාතන පළමුවෙන්ම හෙළා දකිමි. 

එලෙසම හිටපු අග්‍රාමාත්‍යවරයාගේ නිවසට ගිනිතබා හිටපු අගමැති බිරිඳ ඝාතනය කිරීම අතිශය ශෝකජනක තත්ත්වයකි. ඒ ඝාතනය ගැන කණගාටුව ප්‍රකාශ කරමි. එසේම ඇමතිවරුන්ට සහ විශේෂයෙන්ම විදේශ ඇමතිනියට පහරදීමද ඇති වූ ඛේදවාචකයේ තවත් දිගුවකි. එමගින් කාන්තා අයිතිවාසිකම් ප්‍රබල ලෙස උල්ලංඝනය විය. මෙවැනි ක්‍රියා මගින් පහර වදින්නේ නේපාලයේ කීර්ති නාමයටය. එය නේපාලයට අවනම්බුවකි. 

කත්මණ්ඩු නුවර තත්ත්වය මෙතරම් දුරදිග යා යුතුව තිබුණේ නැත. පොලීසිය විසින් කරනු ලැබූ වෙඩි තැබීම්ද අනුමත කළ නොහැකිය.  ප්‍රථම දිනයේදීම වෙඩි නොතබා ඇති වූ තත්ත්වය පාලනය කිරීමට හැකියාව පැවැති බව ආරංචි මාර්ග සඳහන් කළේය.

මෙවැනි සිද්ධි හමුවේ ඇති විය හැකි භයානක තත්ත්වයක්ද වේ. ගූගල්, ෆේස්බුක්, යූටියුබ් වැනි ඇමරිකානු සමාජ මාධ්‍ය සමාගම්වලට ලෝකයේ සෙසු රටවල ආණ්ඩු නැති කිරීම සඳහා ඉඩ ප්‍රස්තාව විවර වීම කිසි ලෙසකින්වත් අවතක්සේරු කළ නොහැකිය. 

නේපාලයේ කාලයක් පුරා ප්‍රශ්න ගණනාවක්ම පැවතිණි. ඒවාට රජයේ අවධානය යොමු වූයේ නැත. සෑම අයෙකුම කළේ දකුණු ආසියානු සම්ප්‍රදාය අනුව එදිනෙදා දේශපාලනය කිරීම මිස උග්‍ර ප්‍රශ්නවලට විසඳුම් සෙවීම නොවේ. මේ නිසා තරුණ පරපුර අතර විශාල කලකිරීමක් හට ගෙන තිබිණ. ඒ අතරවාරයේදී සමාජ මාධ්‍ය ආරක්ෂණය නොකර ඒවා සම්පූර්ණයෙන්ම තහනම් කිරීම හේතුවෙන් අර්බුධය පුපුරා ගියේය. 

පාර්ලිමේන්තුව සහ අධිකරණ ගොඩනැගිලි රටේ ප්‍රජාතන්ත්‍රවාදී ආයතන ‍ලෙස සැලකෙන්නේ එ්වා තුළ සිටින පුද්ගලයන් පදනම් කරගෙන නොවේ. පාර්ලිමේන්තුවටත්, අධිකරණයටත් ගිනි තැබීම නේපාලයේ ප්‍රජාතන්ත්‍රවාදයට කළ විශාල අගෞරවයකි. 

කෙසේ වුවත් අවසානයට ඉතිරි වූයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නැති නේපාලයකි. රට තුළ සාමය ඇතිකර ව්‍යවස්ථානුකූලව ඡන්ද පැවැත්වීම පාලනය බලය ගත් හමුදාවේ වගකීම වන්නේය. 

බුදුරජාණන්වහන්සේ උපත ලැබූ නේපාලය ශ්‍රී ලංකාවට සුවිශේෂ රටකි. එවැනි රටක මේ ආකාරයේ මිලේච්ඡ ක්‍රියා සිදුවීම කිසිසේත් අනුමත කළ නොහැකිය. රාජ්‍ය පාලනයට දැක්වූ අදක්ෂතාවය ද මේ තත්ත්වය ඇති වීමට හේතු වූයේ යයි සිතීමට පුළුවන. 

බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සමගිව රැස්වී, සමගිව සාකච්ඡා කර, සමගිව විසිරී යන ලෙසය. බුදුන් දේශනා කළ “සප්ත අපරිහානී ධර්මය” නේපාලයේ වත්මන් පාලනය ආදර්ශයට ගනු ඇතැයි අපෙක්ෂා කරමි. 



අදහස් (10)

නේපාලයේ මිලේච්ඡ ක්‍රියා අනුමත කළ නොහැකි

මෝඩ හුටං Wednesday, 10 September 2025 02:04 PM

පාලකයන්ගේ ගොන්පාට් නිසා මේවා වෙන්නෙ කියල මේ අතිශය බුද්ධිමත් රාජ්‍ය තාන්ත්‍රිකයාට තේරෙන්නෑ.

:       14       27

ගුණරත්නWednesday, 10 September 2025 08:05 PM

පල්බොරු ගාණක් නැතිව ඇද බාන බිග් කුච්චන්ලාට රැවටුන හාදයෝ නේ මේ දෙසන්නේ? අපට නම් අනිත් පැත්තෙන් හිනා!

:       4       6

කපුරුහාමි Wednesday, 10 September 2025 02:17 PM

ඔබතුමත් ඔය කියන සප්ත අපරිහානී ධර්මය අකුරටම පිළිපදිමින් ජීවත් වෙන කෙනෙක් වෙන්ඩැති...

:       11       28

යෝගා සහ ගුණරත්න ඩෝබි සමාගම Wednesday, 10 September 2025 03:30 PM

මෙයාගෙන් අනුමතවෙන්න මෙයා නේපාලේ පිං ජනාධිපතිද? මෙයා මේ වෙලාවේ ලංකාවේ ජනපතිවෙලා හිටියනං, නේපාලේට කල් ඉකුත්වූ කඳුළු ගෑස් නැවක්ම යවලා

:       10       25

wedage Wednesday, 10 September 2025 03:36 PM

කරපු දේවල් මතක් වෙනවා ඇතිනේ...

:       8       17

sene Wednesday, 10 September 2025 03:53 PM

මේ තුන් දෙනා එදා පාර්ලිමේන්තුව ගිනි තියන්න ගිය ජෙප්පො විය යුතුයි. ඔය ගිනි තියන්නේ ජෙප්පෝ වගේ කොමියුනිස්ට් කාරයෝ. අපේ රටටත් කොල විනාශය අපට අමතක නැහැ.

:       20       13

idr tharanga Wednesday, 10 September 2025 04:30 PM

පොරට මතක නෑ බටලන්දෙ දීපු ගේම්

:       10       16

ගමේ එකාලා Wednesday, 10 September 2025 04:36 PM

අවුරුදු පනහකට ආසන්න කාලයක් තමුනුත් ඔය කියන බණ පදයට අනුව ජීවත් උනානම් , අර කියාපු මාරාන්තික ලෙඩ රෝග කන්දරාවෙන් වැළකිළා ඉන්ඩ තිබුනා.

:       11       14

කෝරාලගේ Wednesday, 10 September 2025 09:15 PM

රට කාපු තමා අත්අඩංගුවට ගැනීම කීර්තිමත් බව නොදන්නා මිනිසෙක් මෙසේ පවසයි.මේ වගේ සියලුම දූෂිතයින් ගෝලීය ප්‍රේක්ෂක පිරිසක් ඉදිරියේ දේශපාලන පළිගැනීමේ චිත්‍රයක් පින්තාරු කිරීමට මොහු පොරකමින් සිටිති.

:       0       0

Chandima Wednesday, 10 September 2025 10:56 PM

මේ මිනිහට පොඩි අමාරුවක් තියෙනව වගේ නේද? ජනාධිපති වෙද්දි කිව්වේ ලෝකෙම මගේ යාලුවෝ කියල. නමුත් බල්ලෙක්වත් ගනන්ගත්තේ නැහැ. තවම ඒක තේරිලා නැහැ. පව්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 22 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 821 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site