
(ආරියරත්න රණබාහු)
ශ්‍රී ලංකාවේ නිපුණතා සංවර්ධනයට ඔස්ට්‍රේලියානු රජය සහාය ලබාදීමට එකඟතාවය පළ කර ඇත.
ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් පෝල් ස්ටීවන්ස් (Paul Stephens)මහතා කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යය සුනිල් හඳුන්නෙත්ති මහතා එම අමාත්‍යාංශයේදී හමු වු අවස්ථාවේදී මේ පිළිබඳව දන්වා තිබේ.
මෙම හමුවේදී නව රජයේ අරමුණු ප්‍රතිපත්ති හා සංවර්ධ සැලසුම් පිළිබඳව ඔස්ට්‍රේලියානු මහා කොමසාස්වරයා දැනුවත් කර ඇති අතර පාඩු ලබමින් පවතින රාජ්‍ය ව්‍යාපාර විකුණා දැමීම වෙනුවට රාජ්‍ය අංශය පුද්ගලික අංශයසහ ජනතාව යන පාර්ශවල සහභාගිත්වය ඇතුව ජනතාවට ප්‍රතිලාභ ලැබෙන පරිදි එම ව්‍යාපාර ප්‍රතිසංවිධානය කරන බව පවසා ඇත.
මෙහිදී ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් වරයා නව රජයේ ප්‍රතිපත්ති අගය කළ අතර එම ප්‍රතිපත්ති අනුව ඕස්ට්‍රේලියාව ඇතුළු අනිකුත් රටවල ආයෝජකයින්ට මෙරට ආයෝජනයට ඇති අවස්ථා පිළිබඳව අමාත්‍යවරයාගෙන් විමසා සිටියේය
ඊට පිළිතුරු දුන් අමාත්‍යවරයා කියා සිටියේමැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රය, බෝට්ටු නිෂ්පාදනය auto mobile ආදී අංශවල ආයෝජන අවස්ථා රැසක් පවතින බවත්ප ඒ සඳහා ඔස්ට්‍රේලියානු ආයෝජකයින් ට ආරාධනා කරන බවත්ය.
මෙම අවස්ථාවට අමාත්‍යංශයේ ලේකම් තිලකා ජය සුන්දර අතිරේක ලේකම් චමින්ද පතිරාජ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ පළමු ලේකම් ෂර්නි මැක්වන්(Sharini McEwen) යන මහත්ම මහත්මිහු එක්ව සිටියහ.

2025 දෙසැම්බර් මස 18
574
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
284
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1085
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නිපුණතා සංවර්ධනයට ඔස්ට්‍රේලියානු රජයේ සහාය