(නිමල කොඩිතුවක්කු)

ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවට එරෙහිව තරුණ පිරිස් ඇතුළු ජනතාව ගාලු මුවදොර පිටියේ  ආරම්භ කළ විරෝධතාවය තුන්වන දිනටත් අද(11) ක්‍රියාත්මකයි.

මේ වෙනවිට විරෝධතාකරුවන් එහි තාවකාලික කූඩාරම් ඉදි කරගෙන සිටින අතර  විරෝධතා ක්‍රියාත්මක භූමියට විරෝධතාකරුවන් විසින් "ගෝඨාගෝගම"ලෙස නම් කර තිබීම විශේෂත්වයකි.

විරෝධතාකරුවන් විසින් එම ස්ථානයේ කූඩාරම් රැසක් ඉදිකර ඇති අතර වෛද්‍ය පහසුකම් සහිත කූඩාරම්, ආහාර බෙදාදීමේ කූඩාරම්ද එහි වෙති.

මෙයට අමතරව විරෝධතා කරුවන් සඳහා තාවකාලික වැසිකිලි පද්ධතියක්ද පද්ධතියක් ද එහි  ස්ථාපිත කර ඇත.

විරෝධතාවය ඉදිරිපිටින් ගමන් කරන රථවාහන නලා නාද කරමින් විරෝධතාවයට සහයෝගය පළකරමින් ගමන් කිරීම විශේෂත්වයකි.

පෙරේදා (9)  පෙරවරු නමයට පමණ ගාලුමෝදර පිටිය ට රැස්වූ ජනතාව  සටන් පාඨ කියමින් විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් අඛණ්ඩ විරෝධතාවයක නිරත වූහ.

පිරිස දින දෙකක් තිස්සේ රාත්‍රිය පහන් කරනු ලැබුවේද ගාලු මුවදොර පිටිය වීම විශේෂත්වයකි.

ජනාධිපතිවරයා ඉල්ලා අස් වන තෙක් විරෝධතාවක් අඛණ්ඩව මෙහෙයවන බව විරෝධතා කරුවෝ පවසති.

ජනාධිපතිවරයා ඉල්ලා අස් නොවුණහොත් ගාලු මෝදර පිටිය සිටම අලුත් අවුරුදු සමරන බවත් විරෝධතාකරුවෝ පවසති.