
(ෂේන් සෙනෙවිරත්න)
පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය කියයි .
මෙම මිතුරන් පස් දෙනාගෙන් එක් අයකුගේ මවක් විදේශගතව සිට පැමිණ ලබාදුන් බව කියන විදේශීය රටබීම බෝතලයක් පානය කිරීමෙන් අනතුරුව ඔවුන් ජල ක්‍රීඩාවේ යෙදීම සඳහා එසේ ජලාශයට බැස ඇති බව පොලිසිය කියයි .
පොල්ගොල්ල ජලාශයේ සිට වික්ටෝරියා ජලාශයට ජලය මුදාහැරෙන එක් ගේට්ටුවක් අද (25) දහවල් විවෘත කොට ඇති අතර ජල පහරට හසුවූ මිතුරන් පස්දෙනාම ජලයේ ගසාගෙන යමින් සිටියදී ඉන් තිදෙනෙකු ගල්පර වල එල්ලී දිවි බේරාගෙන ඇති අතර අනෙක් දෙදෙනා පිළිබඳ තොරතුරක් සවස් කාලය වනතුරුද හමුව නොතිබුණි .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd