
(කේ බුද්ධික කුමාරසිරි)
නවගමුව මාපිටිගම පාලම අසලින් කැළණි ගඟේ දිය නෑවීමට රැගෙන ආ අලියකු අඩි 20 ක් පමණ පහලට ඇද වැටීම හේතුවෙන් දැඩි අසාධ්‍ය තත්වයට පත්ව ඇතැයි නවගමුව පොලිසිය පවසයි.
වයස අවුරුදු 70 ක් පමණ වන මෙම අලියා මාපිටිගම ප්‍රදේශයේ රැක බලා ගන්නා පිරිසක් විසින් නෑවීම සදහා කැලණි ගඟට රැගෙන විත් නෑවීමෙන් පසු යළි පාලම මතට රැගෙන යාමට කුඩා පඩිපෙළක් මතින් පහල සිට ඉහලට රැගෙන යාමේදී මෙලෙස එක්වරම පහලට ඇද වැටී අනතුරට ලක්ව ඇති බවද පොලිසිය පවසයි.
පසුව පශු වෛද්‍ය නිළධාරීන් පැමිණ එම ස්ථානයේදීම සේලයින් ලබා දී මූලික ප්‍රතිකාර ලබාදීමෙන් පසු දොඹකරයක ආධාරයෙන් ලොරි රථයකට පටවාගෙන වැඩි දුර ප්‍රතිකාර සදහා රැගෙන ගිය බවද නවගමුව පොලිසියේ උසස් නිළධාරියෙකු පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වයසක තාත්තා කෙනෙක් වගේ නේද? අනතුරට හේතුව රැකබලා ගන්නා අයගේ වරද තමයි. ඒ වියපත් අසරණයා සුවපත් වේවා..!