IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


නාන්න ගිය අලියා පඩිපෙළින් වැටිලා

(කේ බුද්ධික කුමාරසිරි)

නවගමුව මාපිටිගම පාලම අසලින් කැළණි ගඟේ දිය නෑවීමට  රැගෙන ආ අලියකු අඩි 20 ක් පමණ පහලට ඇද වැටීම හේතුවෙන් දැඩි අසාධ්‍ය තත්වයට පත්ව ඇතැයි   නවගමුව පොලිසිය පවසයි.

වයස අවුරුදු 70 ක් පමණ වන මෙම අලියා මාපිටිගම ප්‍රදේශයේ රැක බලා ගන්නා පිරිසක් විසින් නෑවීම සදහා කැලණි ගඟට රැගෙන විත් නෑවීමෙන් පසු යළි පාලම මතට රැගෙන යාමට කුඩා පඩිපෙළක් මතින් පහල සිට ඉහලට රැගෙන යාමේදී මෙලෙස එක්වරම පහලට ඇද වැටී අනතුරට ලක්ව ඇති බවද පොලිසිය පවසයි.

පසුව පශු වෛද්‍ය නිළධාරීන් පැමිණ එම ස්ථානයේදීම සේලයින් ලබා දී මූලික ප්‍රතිකාර ලබාදීමෙන් පසු දොඹකරයක ආධාරයෙන් ලොරි රථයකට පටවාගෙන වැඩි දුර ප්‍රතිකාර සදහා රැගෙන ගිය බවද නවගමුව පොලිසියේ උසස් නිළධාරියෙකු පැවසීය.

 

 



අදහස් (1)

නාන්න ගිය අලියා පඩිපෙළින් වැටිලා

කසුන් Saturday, 14 October 2023 07:41 AM

වයසක තාත්තා කෙනෙක් වගේ නේද? අනතුරට හේතුව රැකබලා ගන්නා අයගේ වරද තමයි. ඒ වියපත් අසරණයා සුවපත් වේවා..!

:       4       14

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 176 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 155 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site