
(විමුක්ති එස් රුද්‍රිගු)
ලෝකයේ ඉහළම ශ්‍රේණිගත කිරීම ලැබූ මහ බැංකු අධිපතිවරුන් අතරට තේරී පත්වීමට ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සමත්ව ඇත.
මෙම වසරේ මහ බැංකුකරුවන්ගේ ප්‍රගති වාර්තාවේ ඉහළම ශ්‍රේණිය වන "ඒ" ශ්‍රේණිය ලබාගත් මහ බැංකු අධිපතිවරුන්ගේ නම් ග්ලෝබල් ෆයිනෑන්ස් සඟරාව පසුගියදා ප්‍රකාශයට පත් කළේය. ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාද "ඒ" ශ්‍රේණියෙන් පිදුම් ලබා ඇත.
මෙරට ආර්ථිකය මුහුණ දුන් අභියෝගාත්මක කාලවල දී මහ බැංකු අධිපතිතුමා ලබා දුන් සුවිශේෂී නායකත්වය සහ උපාය මාර්ගික විශේෂඥතාව මෙයින් පිළිබිඹු වන බවත් උද්ධමන කළමනාකරණය, ආර්ථික වර්ධනය, මුදලෙහි ස්ථාවරත්වය සහ පොලී අනුපාත පාලනය වැනි ප්‍රධාන ක්ෂේත්‍රයන් තුළ ආචාර්ය වීරසිංහ මහතා ලැබූ සාර්ථකත්වය මැනවින් පෙන්නුම් කෙරෙන බවත් ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කළේය.
මහ බැංකුකරුවන්ගේ ප්‍රගති වාර්තාව 1994 වසරේ සිට ග්ලෝබල් ෆයිනෑන්ස් සඟරාව වාර්ෂිකව ප්‍රකාශයට පත් කරනු ලබයි. ප්‍රධාන රටවල්, කලාප සහ දිස්ත්‍රික්ක 100 කට අධික සංඛ්‍යාවක මහ බැංකු අධිපතිවරුන් ග්ලෝබල් ෆයිනෑන්ස් සඟරාව විසින් මෙම ශ්‍රේණිගත කිරීමට ඇතුළත් කරනු ලබයි.
උද්ධමනය පාලනය, ආර්ථික වර්ධන ඉලක්ක සපුරා ගැනීම, මුදල් ඒකකයේ ස්ථාවරත්වය සහ පොලී අනුපාත කළමනාකරණය කිරීම සැලකිල්ලට ගනිමින් ග්ලෝබල් ෆයිනෑන්ස් සඟරාව ශ්‍රේණි ගත කිරීම ලබාදෙයි. එහිදී මහ බැංකු අධිපතිවරයකුට ලබා දෙන ඉහළම ශ්‍රේණිගත කිරීම "ඒ" වන අතර පහළම ශ්‍රේණිගත කිරීම "එෆ්" වේ. "ඒ" ශ්‍රේණිගත කිරීම "ඒ" ප්ලස්, "ඒ" , "ඒ" මයිනස් ලෙස කොටස් තුනකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝක බැංකු පදයට නටන ඒජන්තයා බටහිර මානයෙන් හොදම මහබැංකු අධිපතිවරයා නොවුනා නම් තමයි පුදුමේ.
ලොවට නම් හොඳයි... අපිට...!
පඩි වැඩි කරගත්තු හින්දාද?
සුබ පැතුම්... රටට අවශ්‍යම වෙලාවක ඉටුකරන සේවයට උපහාර මහත්මයාණෙනි...
නන්දලාල් කරයි රටේ මිනිස්සු වේලක් ඇර වේලක් නොකෑවා නම්...!
අනිත් පැත්තෙන් වෙන්න ඇති.
එයාට කොහොමත් ලංකා මහබැංකුවේ සේවකයෝ ඔය පට්ටම දීලා තිබුනේ මොකද මහබැංකු සේවකයින්ට ලංකාවේ හොඳම සහ වැඩිම පඩි දීලා EPF, ETF වලට හොඳම අගයකුත් දීලා තමන්ටම සලකාගෙන නේ තිබුණේ...
මහ බැංකු කැඩීමට...!
ජනතාව තලා පෙලා ඔය කටයුත්ත කළා වුණත් ඒක ඔය තේරීමේ කමිටුවට වැදගත් නැතුව ඇති...!
අපිට බදු පිට බදු ගහලා එයා හොඳ මිනිහා වෙලා බලමුකෝ... ඔය හොඳ තව දවස් 30 යි...!
හොරුන්ගෙන් වෙන්න ඇති... සුබ පැතුම්...!
මෙම ලෝක විහිළු ලෝක බැංකුවෙන්ද? ශ්‍රී ලංකා මහබැංකුවෙන්ද?
අනිවාර්යයෙන්ම රවී කරුණානායකට හොඳම මුදල් ඇමැති සම්මානය දුන්නු තැනින් වෙන්න ඇති....!
රට වැටිලා තියෙද්දී එයැයිලාගේ පඩි වැඩිකර ගත්තු නිසාද?
ඉස්සර හිටියා ලෝකයේ හොඳම මුදල් ඇමැති. එයා දන්නේ නෑ එයා ඉන්න ගේ වයිෆ්ට ලැබිච්චි විදිහ...!
අද බංග්ලාදේශයේ සියළුම ආයතන කඩාවැටිලා. අප රටට එවන් ඉරණමක් අත් නොවුනේ රනිල් වික්‍රමසිංහ සහ ඔබගේ දැනුම, අත්දැකීම් හා එකමුතු භාවයයි.
අපේ රටට කෙලඋනේම ලෝකෙ හොදම එවුන්ගෙන් තමයි
දැන් මේකට කමෙන්ට් දාපු අයට තමයි කරන්න දෙන්න තිබ්බේ. මොකද අර 225 ඉන්නේ, ඒ අයගෙනුත් වැඩි හරියක් කළේ මෙයාට බැනපු එකනේ. ඔවුන්ගෙත් වැඩි හරියක් 8 පාස් නෑ. මෙතැන බැනලා කමෙන්ට් දාන අයත් මම හිතන්නේ වැඩි හරියක් එහෙමම තමයි.
එතකොට මේ වනතුරු රටේ මුදල් කළමනාරණය කරලා රටේ ආර්ථිකය ගොඩ ගත්තා කියලා ඡන්ද රැස්වීම් වල රනිල් කිය කිය යන්නේ බොරුවක්ද?
තව ටික දවසකින් නව රජයක් පත්වුණු පසු ඔය දුෂ්ඨයාට පයින් ගහලා ඔස්ට්‍රේලියාවටම එළවනවා.
අනගාරික ධර්මපාලතුමා කිව්වා වගේ මේ රටේ අයගෙන් හොඳක් නම් අහන්න වෙන්නේ නෑ. මොනවා කරලාවත්. මෙච්චර වැටිලා තිබ්බ රට සාමන්‍ය කරගෙන විදේශීය සංචිත වැඩි කරගෙන අජිත් නිවාඩ් සහ බැසිල් වගේ සවුත්තුම මිනිස්සු කරපු වැඩ ආපස්සට හරවාගෙන වීදේශීය සැප ජීවිතය අතැරලා ඇවිල්ලා සෑහෙන මහන්සියක් වෙන මනුස්සයාට දාලා තියෙන කමේන්ට්ස් දැක්කාම නම් හිතෙන්නේ මෙහෙමත් අමන ජාතියක් කියලා. මේ රටේ දේශපාලන නායකයෝ කියන්නේ මේ රටේම ජනතාවගේ පිළිඹිබුවක්...
ලොව හොඳම බංකොළොත් රට ලංකාව කියලත් තිබුණද?
ඒ විතරක්ද ලෝකයේ හොදම මුදල් ඇමැතිත් හොයාගත්තේ ලංකාවෙන්නේ..හොදම මුදල් ඇමැති තමයි කටකපලා හොරකම් කලේ.
කවුද අප්පා මේවා දෙන්නේ .නන්දලාල් එන්න කලින් ඩීසල් 136, පසුව 350 , ගෑස් 1565 පසුව 3900 ,වැට් එන්න කලින් 8% යි . දැන් 18%.ඔහොම කලාම වැඩ්ඩෝ ද ?
වැඩිපුර මේකේ කොමන්ට් දාන්නේ නූගතුන්ගෙන් පිරුණු අර රතු බලවේගේ අය තමයි. එයාලගේ නායකයෝ කියන කතාවලට ඉල ඇදෙනවා. මේ වගේ උගතුන් ඔවුන්ට අරහන්. නන්දලාල් මහත්තයා ජාතික සම්පතක්...!