IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


නිධානයේ මැණික් කෝටි14කට විකුණන්න ගිහින්

(මොහොමඩ් ආසික් සහ ජේ.ඒ.එල් ජයසිංහ)

නිධානයකින් ගත් බව කියන මැණික්ගල් 14 ක් රුපියල් කෝටි දහ තුන හමාරකට අලෙවි කිරීමට සුදානම් වු කාන්තාවක් ඇතුළු පුද්ගලයන් හය දෙකු කටුගස්තොට පොලීසිය මගින් අත් අඩංගුවට ගනු ලැබ තිබේ.

නිධානයකින් ගත් බව කියන මැණික් ගල් තොගයක් රුපියල් කෝටි 13 හමාරකට අලෙවි කිරීමට සූදානම් වන බවට පොලීසියට ලැබුණු තොරතුරක් අනුව උපාය දූතයකු මගින් මෙම පුද්ගලයින් කටුගස්තොට පැරැණි පාලම අසලට ගෙන්වා ගැනීමට පොලීසිය සමත්ව තිබේ.

මෙලෙස ගෙන්වා ගත් පිරිස අතර කාන්තාවක් පිරිමි පුද්ගලයන් පස් දෙනෙකු ඇතුළු හය දෙනෙකු සිට තිබේ.

මෙම පුග්ලයින් ළඟ තිබී නිධානයෙන් ගත් බව කියන මැණික් ගල් 14 ක් ඩිජිටල් තරාදියක් කුඩා විදුලි පන්දමක් ද සොයා ගැනීමට පොලීසිය සමත්ව තිබේ.

මෙම පුද්ගලයින් හිනිදුම , ගාල්ල, හෙයියින්තුඩුව, වැනි ප්‍රදේශවල පදිංචි අවුරුදු 35- 49 ත් අතර වූවන් බව පොලීසිය කියයි.

 

 



අදහස් (7)

නිධානයේ මැණික් කෝටි14කට විකුණන්න ගිහින්

සෙනෙවිරත්න Sunday, 26 May 2024 11:43 AM

අඩෝ හිනිදුම ඇයොත් ගේමට බැහැලා, ආඩම්බරයි.

:       9       2

SARATH ANANDA Sunday, 26 May 2024 01:06 PM

මරන්චි

:       1       2

lakvidu Sunday, 26 May 2024 01:37 PM

එතකොට නිදං පොලව යටම තියෙන්න ඕනද? යමක් නිදං කරන්නෙ පහු කාලෙක කාට හරි ප්‍රයෝජනයට ගන්න.

:       1       13

Ruwan Sunday, 26 May 2024 01:55 PM

ඔව් ඔව්. ඕවා විකුණන්න පුළුවන් ඉහළම පෙලේ හාමුදුරුවන් ගොල්ලන්ටයි , රාජපක්ෂ පවුලේ බේබි හාමුලටයි විතරයි. නිකන් මිනිස්සුන්ගේ ගෙදර මිදුලේ තිබිලා හම්බ වුණත් මොනවත් කරන්න බෑ. මේ රට අයිති ඔය උඩ සඳහන් කරලා තියෙන අයට විතරමයි.

:       1       18

sathyapala Sunday, 26 May 2024 02:17 PM

ගේමක් දුන්නොත් දකුණේ තමයි. ඇස් වහගෙන ගේම් දුන්නු එවුන් කල්පනා කරලා ඔවුන්ගේ ගම කොහේද බලන්නකෝ....?

:       4       3

ගමේ එකාලා Sunday, 26 May 2024 02:45 PM

ඩේසි ආච්චිගේ මැණික් මල්ලට වැටෙන්න නොගිහින් යන්තම් ගැලවුණා...

:       4       18

අංකුරා Monday, 27 May 2024 05:35 AM

මේ ෆොටෝ එකේ මැද ඉන්න ගැහැනියයි ,මිනිහයි නේද නිධන් කඩලා තියෙන්නේ ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 696 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17857 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 761 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site