(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

පුරාවස්තු සෙවීමේ අරමුණින් අතුරුගිරිය හබරකඩ ප්‍රදේශයේ රබර් වත්තක් තුළ කැණීම් කරමින් සිටි පුද්ගලයන් හත් දෙනෙකු අත්අඩංගුවට ගත් බව අතුරුගිරිය පොලිසිය කියයි.

සැකකරුවන්  කැණීම් කැනීම් සිදුකිරීම සඳහා යොදාගත් උදලු අලවංගු  ඇතුළු පූජා භාණ්ඩ තොගයක් පොලිස් භාරයට ගෙන ඇත.

සැකකටයුතු පිරිසක් රබර් වත්තක් තුළ යාග හෝම පවත්වමින් කිසියම් සැකකටයුතු ක්‍රියාවක් කරන බවට ඉංගිරිය පොලිසියට ලද තොරතුරකට අනුව වැටලීම සිදුකර සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 39 සහ 59 අතර පසුවන පුවක්පිටිය සහ හෝමාගම පදිංචිකරුවන් ය.

සැකකරුවන් හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය  වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.අතුරුගිරිය  පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක  ශාරද ප්‍රනාන්දු මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වේ.