
( කුෂාන් ජයවර්ධන)
ගල්නෑවේ ගෙවත්තක නිධන් සොයා යාග හෝම පවත්වමින් අනවසර කැණිමක් සිදුකරමින් සිටි කපුවෙකු ඇතුලු පුද්ගලයින් පස් දෙනෙකු ගල්නෑව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
ගල්නෑව ප්‍රෙද්ශයේ ගෙවත්තක කිසියම් පිරිසක් අනවසර කැණිමක් සිදුකරන බවට ගල්නෑව පොලිසියට ලද තොරතුරක් අනුව එම නිලධාරීන් සිදුකළ ක්ෂණීක වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකිව තිබේ.
වැටලීම සිදුකරන අවස්ථාව වනවිටත් කපු මහතකු විසින් සිදුකළ යාග හෝම මැද සැකකරුවන් අදාළ ගෙවත්තේ ස්ථානයක අනවසර කැණීම සිදුකරමින් සිටි බව පොලිසිය කියයි.
සැකකරුවන් එම කැණීම සිදු කිරීමට යොදා ගත් කැනීම් උපකරණ රැසක් ද පූජා භාණ්ඩ රැසක් ද සැකකරුවන් සමඟ පොලිස් භාරයට ගෙන තිබිණ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආණ්ඩුව නම් බැකෝ දාලා හෑරුවේ. ජනාධිපතිගේ පිනට පහළ වෙච්චි එකක් කියලා. ගුරා හිටගෙන කරනකොට ගෝලයො දුව දුව කරනවා කියන්නේ මේකට තමයි. මේ ආණ්ඩුව තමයි මෝඩ කමේ ප්‍රතිමූර්තිය. මහදැනමුත්තා තව හොඳයි. රටේ 68 ලක්ශයක්ම ඒ ටයිප් එකේ වුණාම පහළ වෙන නායකයෝත් ඒකටම හරි යන අම්බරුවෝ තමයි.
අනිවාර්යෙන් මාලිමාවේ සෙට් එකක් වෙන්න ඇති. පාහර වැඩක් නම් මාලිමාවේ කෙනෙක් කොහොම හරි ගෑවිලා ඉන්නවා...