
(චමිලා අල්විස්)
හොරණ කඳන උතුර සුසාන භූමිය ඉදිරිපිට මාර්ගයේ නිවසක් පිටුපස ගල්තලාවක නිධානයක් ගැනීමට කැනීම් කරමින් සිටි සැකකරුවන් පස් දෙනකු සහ ගල් විදීමට යොදාගන්නා වායු පීඩන යන්ත්‍රයක් කැන්ටර් වර්ගයේ ලොරි රථ ත්‍රී රෝද රථයක් ඇතුළු උපකරණ රාශියක් සමග අද සවස අත්අඩංගුවට ගත් බව හොරණ පොලිසිය පවසයි .
සැකකරුවන් ඇඹිලිපිටිය, බුලත්සිංහල, ගෝවින්න, රැටියල,කොබවකුත් යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු තිස්පහත් හතළිහත් අතර පසුවන්නන් බව පොලිසිය පවසයි .
හොරණ පොලිස් ස්ථානයේ කොට්ඨාස බුද්ධි අංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇති අතර සැකකරුවන් පුද්ගලික ඔත්තු කරුවන් කිලෝමීටරයක පමණ වපසරියක් වටා යොදා ගනිමින් ඉතා සූක්ෂම අයුරින් මෙම කැණීම සිදුකර ඇති අතර ඔවුන් දින කිහිපයක් තිස්සේ මෙම කැණීම සිදුකරමින් සිට ඇති බවත් අත්අඩංගුවට ගත් දින කැණීම් සිදුකර අවසන් අදියරේ තිබූ බවත් විමර්ශනවලදී තහවුරු වී ඇත .
2025 නොවැම්බර් මස 17
23
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
869
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2505
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
නිධන් ගන්න ගිය පහක් මාට්ටු
Ileperuma Sunday, 02 February 2025 04:42 AM
පස් දෙනෙක් මැරිච්ච කතාව?