(ඉන්දිකා රාමනායක)
75 වන ජාතික නිදහස් දින සැමරුමට සමගාමීව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් අනුව හමුදාව බාරයේ තිබු පලාලි අධි ආරක්ෂිත කලාපය තුල පිහිටි රාජ්‍ය නොවන ඉඩම් අක්කර 80.14 ක භූමි ප්‍රමාණයක ඉඩම් අද (3) එහි නීත්‍යාණුකූල හිමිකරුවන් වෙත බෙදාදුන් බව යුද හමුදාව පවසයි.
පලාලි උතුර ග්‍රාම නිලධාරී වසමේ ඉඩම් අක්කර 12.14 ක්, පලාලි අධිආරක්ෂිත කලාපයේ තෙලිප්පලෛ ග්‍රාම නිලධාරී වසමේ පර්චස් 0.72, කන්කසන්තුරේ මධ්‍යම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ඉඩම් අක්කර 50.59ක් සහ මයිලඩි උතුර ග්‍රාම නිලධාරී වසමේ ඉඩම් අක්කර 16.55 ක ප්‍රමාණයකට අදාල නීත්‍යානුකූල ලිපිලේඛන අද යාපනය ප්‍රාදේශීය ලේකම්වරයා වෙත සංකේතාත්මතව ප්‍රදානය කළ බව හමුදාව පවසයි.
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ගේ උපදෙස් මත යාපනය ආරක්ෂලක සේනා ආඥාපති මේජර් ජෙනරල් ස්වර්ණ බෝතොට, යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන්හි සම්බන්ධීකරණයෙන් ක්‍රියාත්මක කරනු ලැබූ මෙම ව්‍යාපෘතියට අදාල උත්සවයේදි යාපනය දිස්ත්‍රික් ලේකම් ඒග සිවබාලසුන්දරන් මහතා වෙත එම ලිපි ලේඛන යාපනය ආඥාපතිතුමා විසින් සංකේතාත්මකව භාරදෙනු ලැබීය.
2025 දෙසැම්බර් මස 18
294
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
198
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
996
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නිදහසට යාපනයේ අධි ආරක්ෂිත අක්කර 80ක් නිදහස්
podi mole Friday, 03 February 2023 10:03 PM
කොළඹ පාරවල් වහනවා. තහනම් ප්‍රෙද්ශ නම් කරනවා. රනිල්ට ජයවේවා.
jagath Saturday, 04 February 2023 02:55 PM
ඡන්දෙ ගන්න ඕන වැඩක් කරන නායකයින් අපිට ඉන්නේ. එක පාරක් විල්පත්තුව අමුඅමුවේ වික්කා. රනිල් රාජපක්ෂ පන්නමු.