(සුජිත් හේවාජුලිගේ)

ගල් අඟුරු ගනුදෙනුවලට අදාළ යම් යම් වැරදි ක්‍රියාමාර්ගවලට සම්බන්ධ බවට හඳුනා ගැනුණු බල ශක්ති හිටපු අමාත්‍ය කුමාර ජයකොඩි මහතා ඇතුළු 18 දෙනාට ඒ සම්බන්ධයෙන් නිදහසට කරුණු ඉදිරිපත් කිරීමට ලබන මස 09 වැනිදා සිකුරාදා දක්වා කාලය ලබාදී ඇතැයි ගල් අඟුරු ගනුදෙනු සම්බන්ධයෙන් කරුණු සොයා බලන ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව පවසයි.

මේ අනුව එම කරුණද සලකා බැලීමෙන් පසු කොමිෂන් සභාවේ නිර්දේශ ඇතුළත් වාර්තාව සකස් කිරීමට නියමිතය.

මේ අතර ගල්අඟුරු ගනුදෙනු සම්බන්ධයෙන් ගල්අඟුරු සමාගමේ නියෝජිතයකු ඇතුළු දෙදෙනකුගෙන් ඊයේ දිනයේද ප්‍රකාශ සටහන් කරගෙන ඇත.

ගල්අඟුරු ගනුදෙනු සම්බන්ධයෙන් ඉදිරි දිනවල තවත් කිහිප දෙනෙකුගෙන් ප්‍රශ්න කිරීමට නියමිතය.

කොමිෂන් සභාවේ අවසාන වාර්තාව ලබන මාසයේදී භාරදීමට නියමිතව ඇතැයි එහි ආරංචි මාර්ග සඳහන් කළේය.