
(අංජුල මහික වීරරත්න)
නිදහස් වෙළෙඳ ගිවිසුම් සාකච්ඡා නැවත ආරම්භ කිරීම රජයේ අභිලාෂය බව ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා පැවසීය.
දකුණු ආසියාවේ සහ නැගෙනහිර ආසියාවේ විශාලතම ආර්ථිකයන් සමඟ ශ්‍රී ලංකාව ඒකාබද්ධ කරමින් පසුව එය නැගෙනහිර කලාපය දක්වා දීර්ඝ කර කලාපීය විස්තීරණ ආර්ථික හවුල්කාරිත්වය (RCEP) හා සම්බන්ධ වීම ජනාධිපතිවරයාගේ අපේක්ෂාව බව ද සමන් ඒකනායක මහතා කීය.
මෙම සංවර්ධන ක්‍රියාපිළිවෙතෙහි අවසාන ප්‍රතිලාභීන් පෞද්ගලික අංශයේ කර්මාන්ත වන බැවින් ඊට නිර්මාණශීලීව දායකවන ලෙස ද ජනාධිපති ලේකම්වරයා පෞද්ගලික අංශයේ පාර්ශවකරුවන්ට ආරාධනා කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd