(ඉන්දිකා රාමනායක)
75 පස්වැනි නිදහස් උත්සවය වෙනුවෙන් ගාලුමුවදොර ඉදිකරමින් පවතින වේදිකාව ඇතුලු ස්ථාන ඡායාරූප ගතකරමින් සිටි අරගල ක්‍රියාකාරි සමාජිකයකු හා සමාජිකාවක අත්අඩංගුවට ගෙන පොලිස් ඇප මත මුදාහැරිය බව පොලිසිය පවසයි.
මොවුන් දෙදෙනා පෙරේදා රාත්‍රි 8..00 ට පමණ එම ස්ථාන අනවසරන් ඡායාරූප ගතකරමින් සිටියදී එහි ආරක්ෂාවට යොදවා සිටි පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගෙන කොටුව පොලිසියට බාර දී ඇත.
මොවුන් දෙදෙනා කොළඹ හා ගාල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් බවද පොලිසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් දෙදෙනාගෙන ප්‍රකාශ සටහන් කරගෙන ඔවුන් පොලිස් ඇප මත මුදාහැර ඇත.
කොටුව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටම ණය උගුලක හිරකර සැලියුට් එකක් ගස්සවා ගන්න දඟලන දැඟලිල්ල ...... සැබෑ නිදහස මේ මානසික රෝගීන්ගෙන් හා හොරුන් ගෙන් නිදහස්වූ දායි.
පුදුම බයක් තියෙන්නෙ කට්ටියට. ඒකම ඇති අපිට නං. "මැරි මැරී උපදිනවා" කියන්නේ ඔන්න ඕකට.
කොයිවෙලේ හරි හීනෙන් බයවෙනවා...