(බිමල් ෂ්‍යාමන් ජයසිංහ )
කොළඹ නිදහස් චතුරඝ්‍රය අසළ වෙඩි වැදීමෙන් මිය ගොස් සිටි පුද්ගලයා සිය දිවි නසා ගන්නා බවට සදහන් ඔහු විසින් පරිගණක ගත් ගත කළ ලිපියක් හමුවූ බව කුරුදුවත්ත පොලීසිය කියයි.
ඉංග්‍රීසියෙන් පරිගණක ගත කළ තිබූ පිටු දෙකකින් සමන්විත එම ලිපියේ ඔහුට තිබෙන රෝගී තත්වයන් එහි සඳහන් කර ඒවා ශල්‍යකර්ම මගින් සිදුකර සනීප කර ගත හැකි වුව ද අන් අයට කරදරයක් නො වන පරිදි සිය දිවි නසා ගන්නා බව එහි සඳහන්ව තිබූ බව පොලිස් නිලධාරියකු පැවැසීය.
ඊට අමතර ව ඔහුගේ දේපළ සිය දරුවන් ට ලබා දෙන ආකාරය ද එහි සඳහන්ව තිබූ බව පොලිස් නිළධාරියා වැඩිදුරටත් පැවසීය.
ඊයේ රාත්‍රී 8.30 ට පමණ දෙහිවල පදිංචි ඔහුගේ සහෝදරයාට ජංගම දුරකථනය හරහා කෙටි පණිවිඩයක් යවා තිබෙන මෙම පුද්ගලයා ඔහුගේ පෞද්ගලික ගමන් බෑගය විවෘත කරන රහස් සංකේත ද එහි සඳහන් කර ගමන් බෑගය තුළ ලිපියක් ඇති බවත් එය කියවා බලන ලෙස ද කෙටි පණිවුඩයේ සඳහන් කර තිබූ බව පොලිසිය කියයි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අරුම පුදුම කතාවක් ඒක.. අනිත් අයට කරදරයක් නොවෙන්න ඕන නම් මොකටද නිදහස් චතුරශ්‍රයේ වෙඩි තියාගත්තේ.. පිස්තෝලයක් කොහෙන්ද...
එතකොට මොකද්ද මේ "මේ මහත්තයා එයාර් බස් වංචාව ගැන හෙළිකල බවට " පැතිරෙන කතාව ? පරිගණකයද නැත්නම් ලිපියද බෑගයේ තිබුනේ ? මේවා දැවෙන ප්‍රශ්න...
අධිආරක්ෂිත කලාපයක මියගොස් සිටින මේ මහත්තයා මිහින් ලංකා, ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සේවය කළ රජීව ජයවීර බවයි කියන්නේ... එයාබස් ගණුදෙනුවක සිදුවූ වංචාවක් හෙලිකිරීම පිළිබඳවත් ඒ මහත්තයාගේ නම සමහරු සඳහන් කරනවා. මොනවා වුණත් අපේ රට "මිනී කන්නන්ගේ දේශයක් නෙවෙයි ධර්මද්වීපයක්" කියලත් සමහරු කියනවා. "ශ්‍රී ලංකාවේ දේශපාලන හා සමාජ ක්‍රියාකාරීන්ට යළිත් ‘භීෂණ යුගයක්’. යුක්තිය සොයා ගමන් කළ අවුරුදු ගණනාවම වතුරේ" කියලා දීර්ඝ ලිපියක් අන්තර් ජාලයේ තියෙනවා දැක්කා. එහි මෙහෙම සඳහන්ව තියෙනවා "මේ මාසයේ දී, නොපැහැදිලි බලතල සහිත “කාර්ය සාධක බලකා”දෙකක් රජය විසින් නිර්මාණය කරන ලද අතර, ඒවා පවත්නා ආයතනවලට සමාන්තරව ක්‍රියාත්මක විය හැකි යැයි මානව හිමිකම් කණ්ඩායම් බියෙන් පසු වෙති. එකක්, “සමාජ විරෝධී ක්‍රියාකාරකම්”මැඩ පැවැත්වීම සඳහා නිර්මාණය කරන ලද ආයතනයක් වන අතර එය මෙහෙයවන්නේ ආරක්ෂක හා බුද්ධි අංශ නිලධාරීන්ය. සංස්කෘතික උරුමයන් ආරක්ෂා කිරීම සඳහා පිහිටුවා ඇති තවත් කාර්ය සාධක බලකායක් විසින් අබෞද්ධ හා සිංහල නොවන අය බැහැර කර සිදුහත් කුමරුන් පිළිබඳව බරපතල මතභේදකාරී ප්‍රකාශයක් කරන ලද එක්තරා මාධ්‍ය හිමිකරුවෙකු ඇතුලත් කර ඇති බව පෙනෙන්නට ඇත."
ටයිප් කරලා, ප්‍රින්ට් කරලා, හොඳට ඇදලා, වෙඩි තියාගෙන, චතුරස්‍රය ලඟට ඇවිල්ලා මැරිලා. ලීසින් ගිවිසුමක වගේ පිටුවක් පිටුවක් ගානේ කෙලවරේ අත්සන් කරලා. මේවා අහන අපි හාවෝ! නැද්ද කැරට් අලයක් එහෙම කන්න.
තවත් තාජුඩින් කේස් එකක් වගේ.
හරි හරි ඔය එළියට එන්නේ බඩු. දැන් දිවි නසාගන්නෙත් "පරිගණක ගත කරපු ලිපියක් ලියලා. අන්තිම කැමති පත්තරෙත් එක්ක" ඉස්සර රස පරීක්ෂකතුමා ගැන අපි ටිකක් දන්නවා. අර තාජුඩීන්ගේ ප්රශ්නය ගැන එහෙම. ඔය එක එක ඒවට සාක්ෂි දීපු අය සහ විරුද්ධවාදීන්ටත් හෙට අනිද්දා වෙනකොට "පරිගණක ගත කරපු ලිපියක්" සමඟින් දිවි නසාගෙන, මලකඳ පාරවල් වල තියේවි. බලාපොරොත්තුවෙන් සිටින්න. ජයවේවා. ලඟ එන ඡන්දයෙන් මාව බලයට පත්කරන්න..
ගිනිබෝල කාරයෝ, කසකාරයෝ පෙරහැරේ මුලින්ම යනවා. එතකොට මිනිස්සු දැනගන්නවා පෙරහර ළඟ ළඟම එනවා කියලා. මේත් එහෙම දේවල් තමයි..
ඇයි නිදහස් චතුරස්රයට ඇවිත් දිවි නසා ගත්තේ..? ශුවර් එකටම මෙය ඝාතනයක්..
ලියුමක් ටයිප් කරලා දිවි නසාගත්ත කෙනෙක් ගැන ඇහුවමයි.
තාජුඩීන්ගෙත් ඝාතනයක් නොවේ... කිව්වත් අපි පුදුම නොවෙමු.
කතාව ටිකක් අවුල් වගේ.., කට්ටියගේ චර්යාව හොඳ නැහැනේ. රගර් වගේම ගුවන් සේවාත් අවුල්නේ...
රට මහා ආගාධයකට අැද වැටුණා..
මේ පෙරහුරුව ඡන්දෙ දිනුවට පස්සේ ඉඩි අමීන්ගේ උගන්ඩාව බවට ලංකාව දියුණු වෙයි.
දඩයම් බල්ලන් ලිහලෝ... කලම්බු ටෙලිග්රාෆ් එකටත් ලියලා තියෙනවා ගොඩක්...
මට නම් පෙනෙන්නේ 1989 නයිවල හන්දියේ සිදුවුණු එකක් වගේ ගැහැණු පිරිමි 26 දෙනෙක් වෙඩි තබා මරලා තිබුණා. ඒ වෙඩි වැදුණු සිදුවීම දුටු අයෙක් අදත් සිහිවිකල් වෙලා ජීවත් වෙනවලු...
මියගිය තැනැත්තා එයාර් බස් ගණුදෙණුවෙ හවුල්කරුවෙක් බව කියන්නේ...