(යොහාන් භාසුර)

ලිට්‍රෝ සමාගම අද (17) නිදහස් කරගත් ගෑස් මෙටි්‍රක්ටොන් 3500 ක ප්‍රමාණය දින දෙකහමාරක සැපයුමට පමණක් ප්‍රමාණවත් බව එම සමාගමේ උසස් නිලධධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය.

ලිට්‍රෝ සමාගම දිනකට ගෑස් මෙටි්‍රක්ටොන් 200 ක් පමණ කර්මාන්තවලට ලබාදෙන බවත් ඉතිරි ගෑස් ප්‍රමාණයෙන් කිලෝ 12.5, කිලෝ 5 සහ කිලෝ 2.5 යන සිලින්ඩර ප්‍රමාණ තුන නිෂ්පාදනය කරන බවත් එම නිලධාරියා කීය.

ගෑස් මෙටි්‍රක්ටොන් එකකින් කිලෝ 12.5 සිලින්ඩර 80 පමණ නිෂ්පාදනය කළ හැකි මෙන්ම නිෂ්පාදන කරන සින්ඩරවල ප්‍රමාණය අනුව ටොන් එකකින් නිෂ්පාදනය කරන සිලින්ඩර සංඛ්‍යාව තීරණය වන බව ද එම නිලධාරියා සඳහන් කළේය. 

ලිට්‍රෝ සමාගම නිකුත් කළ විවිධ ප්‍රමාණවල ගෑස් සිලින්ඩර අළෙවි නියෝජිතයන් සහ ජනතාව සතුව ලක්‍ෂ 70 ක් පමණ ඇති බවත් ඉන් සිලින්ඩර ලක්‍ෂ 55 ක් පමණ කිලෝ 12.5 ප්‍රමාණයේ සිලින්ඩර බවත් එම නිලධාරියා වැඩි දුරටත් පැවසීය.