
(අංජුල මහික වීරරත්න)
2025 පෙබරවාරි මස 04 දිනට යෙදෙන 77 වන නිදහස් දින උත්සවය සංවිධාන කටයුතු සඳහා ජනපති අගමැති ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැති ලැබී ඇත.
2025-02-04 දිනට යෙදෙන 77 වන නිදහස් දින සමරු උළෙල පැවැත්වීම හා එහි සංවිධාන කටයුතු වලට අදාළව මඟපෙන්වීම, මෙහෙය වීම සහ අධීක්ෂණය සඳහා ජනාධිපතිගේ ප්‍රධානත්වයෙන් අමාත්‍ය මණ්ඩල කමිටුවක් පත් කිරීම පිණිස 2024-10-14 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත.
පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින් ලෙස පත් කරනු ලැබ ඇති අදාළ විෂයන් භාර අමාත්‍යවරුන් ද ඇතුළත් කරමින් 2025 පෙබරවාරි මස 04 දිනට යෙදෙන 77 වන නිදහස් දින සමරු උත්සවය සංවිධාන කිරීමට අදාළව අවශ්‍ය පෙන්වීම සඳහා ජනාධිපතිගේ ප්‍රධානත්වයෙන් සහ අග්‍රාමාත්‍යවරියගේ සහභාගිත්වයෙන් අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත් කිරීම පිණිස රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකට නිදහස සමරනවද?, තාමත් අපි බටහිරට යටත්. එයාලා කියන විදියට තමයි බදු එකතු කරන්නේ, අරගල කරන්නේ, ආණ්ඩු පත්කර ගන්නේ, ඩොලර් බිලියන 5ක ණයක් දුන්නා නම් අපේ රටේ ආර්ථික අර්බුදේ එක පැයෙන් ඉවරයි. ඒ වෙනුවට ඩොලර් බිලියන 0.3 ගානෙ දීලා මේ කරන්නේ තව තවත් උන්ගේ උගුලේ අපිව හිර කරගෙන ඉන්න එකනෙ. යුක්රේනෙට නම් එකපාර ඩොලර් බිලියන 50, 60 දෙනවා.
අපේ නිදහස් උතාවයත් ජෙප්පොන්ගේ මාද්‍ය සන්දර්ශනයක් වේවි …. කමිටුවෙන් කරන්නේ කිසිම බුද්දාගමට සම්බන්ද සලකුනක් නෑති කරන එක ත්මා…. කාඩිනල් සහ ඩයස්පෝරා එක තමා කමිටුව කියන්නේ…