
(සුජිත් හේවාජුලිගේ )
නැදුන්ගමුවේ විජය රාජා හස්තියාගේ ජීවමාන ස්වරූපය හා සමානව යළි ප්‍රතිස්ථාපනය කළ අනුරුව කොළඹ ජාතික ස්වභාවික විද්‍යා කෞතුකාගාරයේදී අනිද්දා (11) සිට ජනතාවට දැක බලා ගැනීමට අවස්ථාව උදාවෙන බව ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් සනෝජ් කස්තුරිආරච්චි කීය
මෙරට වඩාත් ගෞරව බහුමානයට පාත්‍ර වූ ශ්‍රී දළදා මාලිගාවේ නැදුන්ගමුවේ රාජා හස්තියා ජාතික කෞතුක වස්තුවක් ලෙස ප්‍රතිස්ථාපනය කර විවෘත කිරීම හෙට සිදු කෙරෙන බවද ඔහු පැවැසීය
ආසියාවේ උසම හස්තියා ලෙස විරුදාවලිය ලත් නැදුන්ගමුවේ රාජා මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ ඇත් පන්තියට එක්වන්නේ වඩාත් විශ්වාසවන්තම හස්තියා ලෙස සැලකේ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd