නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් එකළොස්දෙනෙකු සහ ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රා 03 ක් නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත.
උතුරු නාවික විධානයට අනුයුක්ත වේග ප්‍රහාරක මුර නෞකාවක් මගින් අනලතිව් දූපතට වයඹ දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී කළ මුර සංචාරයක් අතරතුරදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.
ඉන්දීය ධීවරයින් සහ ට්‍රෝලර් යාත්‍රාව ශ්‍රී ලංකා නාවික නෞකා එළාර ආයතනය වෙත රැගෙන ඒමට කටයුතු කර ඇති අතර, එම ධීවරයින් පිරිස වෛද්‍ය පරීක්‍ෂණයකට භාජනය කිරීමෙන් අනතුරුව ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය, සහකාර ධීවර අධ්‍යක්‍ෂක වෙත භාර දීමට නියමිතය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බෝට්ටු ගිල්වා දමන්න මොවුන් ලංකාවට මුලින්ම් ආවෙත් ඔහොම තමයි. දැන් කෑල්ලක් ඉල්ලනවා.