(ඉන්දිකා රාමනායක)
තීරුබදු නොමැතිව නීති විරෝධීව මෙරටට ආනයනය කර තිබූ රුපියල් ලක්ෂ පහකට අධික වටිනා දුම්වැටි තොගයක් සමඟ සැකකරුවෙකු කඳාන උතුරු බටගම ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය පවසයි.
වැටලීම සිදුකරන අවස්ථාවේ සැකකරු සන්තකයේ දුම්වැටි 6000 ට අධික ප්‍රමාණයක් තිබී ඇත.
මෙම සැකකරු සම්බන්ධයෙන් නාවික හමුදාව ලබාදුන් තොරතුරකට විශේෂ කාර්ය බලකායේ ගෝනහේන කඳවුරේ භට කණ්ඩායම් විසින් මෙම වැටලීම සිදුකර ඇත.
අත්අඩංගුවට ගෙන ඇත්තේ කඳාන ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු (52) පුද්ගලයෙකි.
සැකකරු සහ දුම්වැටි තොගය වැඩිදුර පරීක්ෂණ සඳහා කඳාන පොලීසියට බාර දී ඇත.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
නීතිවිරෝධී දුම්වැටි 6000 සමඟ අයෙක් අල්ලයි