(නිමල් ජයරත්න)
පොලොන්නරුව වැලිකන්ද සූරියවැව රක්ෂිතයේ දිගින්, දිගටම සිදුවන වන සංහාරය නතර නොකිරීම පිළිබඳ සොයා බැලීම සඳහා පොළොන්නරු දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් සමරවික්‍රම මහතා ඇතුළු,වැලිකන්ද ප්‍රාදේශීය සභාවේ සභාපති නිමල් අධිකාරි මහතා සහ මන්ත්‍රීවරුන් මෙන්ම ගොවි නියෝජිතයන් පිරිසක් විනාශය නිරීක්ෂණයට ගිය අවස්ථාවේදී ආයෝජකයකු සහ ගිය පිරිස අතර දැඩි උණුසුම් කතාබහක් ඇති වූහ.
වැලිකන්ද ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේදී තමන් ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ කමිටුව ගත් තීරණය ක්‍රියාත්මක නොකරන්නේ මන්දැයි සමරවික්‍රම මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ආයෝජකයා සඳහන් කළේ තමන් මෙම ව්‍යාපෘතිය සඳහා ලක්ෂ දාහක මුදලක් ආයෝජනය කරන බවත්, එය නතර හැක්කේ ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය ගන්නා තීරණය අනුව බවයි,
රක්ෂිතයට ඩෝසර්, ජේ.සී,බී යන්ත්‍ර. මහටැක්ටර් ඇතුලත් කර පළු, වීර, බුරුත, ඇතුළු දැවැන්ත ශාඛ වර්ග බිමහෙලා අඛණ්ඩව සිදුවන මෙම වන විනාශය හරහා අලි මිනිස් ගැටුම් වර්ධනය වන බවත්, මෙමගින් ගම්වදින වනඅලි ජීවිත හානියක් හෝ දේපළ හානියක් සිදු කළහොත් ඊට මෙම ආයෝජකයින් සම්පූර්ණ වගකිව යුතු බවත්, මෙම ව්‍යාපෘතිය නතර නොකලහොත්,තමන් ඊට විරෝධය පළ කිරීම වශයෙන් ජනතාව වෙනුවෙන් තම ධූරය අතහැරීමට පවා සූදානම් බවද ජගත් සමරවික්‍රම මහතා මෙහිදී සඳහන් කළේය.
මෙම වන සංහාරය සිදුවන්නේ සෝමාවතිය ත්‍රිකෝණමඩුව ජාතික වනෝද්‍යානය අසල පිහිටි රක්ෂිතයක බවත්, රාජ්‍ය ඇමති ඇමතිවරයකු සහ මහජන නියෝජිත මන්ත්‍රීවරු දෙදෙනකු සහ සහභාගි ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීමේදී මෙම වන සංහාරයහාරය නවතන ලෙසට ලබාදුන් තීන්දුවද අභියෝගයට ලක් කරමින් තවදුරටත් සිදු කරන මෙම වන විනාශය පිටිපස ආණ්ඩුවේ ඇතැම් ඇමැතිවරු සිටිනු ඇති බවටද සහභාගි වූ පිරිස් මෙහිදී හෙළිදරවු කළහ,
මෙතරම් වන සංහාරයක් සිදුවෙමින් පවතින මොහොතක රාජ්‍ය දැව සංස්ථාව, වනජීවී හා , වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මෙන්ම වගකිව යුතු ආයතන නිහඬව සිටීම විමතියට කරුණක් බවත්, ඒ පිළිබඳව වහාම පරීක්ෂණයක් සිදුකරන ලෙසද තමන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි බවත්, සමරවික්‍රම මහතා සහ වැලිකන්ද ප්‍රාදේශීය සභාපති නිමල් අධිකාරි මහතා ඇතුළු ගොවිඡන නියෝජිතයන් එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළහ,

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිනා යනවා නේද? ලෝකෙ වටේ දේශගුණික විපර්යාස කරේ තියාගෙන... මේ සහගහන වැඩේ දන්නෙම නැති එකක්ද? ගමේ මිනිස්සු එකතු වෙලා මේ ආයෝජකයාව එළවන්නේ නැත්තේ ඇයි..?
හොඳම වැඩේ මෙම මිනිස්සු එකතුවෙලා මුන්ව ගහල පන්නන එකයි මෙ රටෙ නීතියක් නෑ.
වැලිකන්දේ තිබ්බ ඔක්කොම ඉඩම් ටික අක්කර ගණන් දීලා, දැන් අලි ටික ඔක්කෝම ගමේ ඉන්න කොට, අවසාන ඉඩම් ටික හරි දෙද්දී නිදාගෙන නැගිට්ට වැලිකන්ද ප්‍රාදේශීය සභාවේ සභාපති තුමාට මාගේ මෙව්වා එක...
දැනට තියෙන වටිනා ගස්ටික කපන එකත් ආයෝජනයක්... මෝඩ ජනතාවක් පත්කර ගත් දේශපාලුවන්ගේ තරම කෙසේද යන්න දැන්වත් ඔවුන්ට පේනවාද දන්නේ නෑ...