(යොහාන් භාසුර)
රට තුළ වහාම නීතිය හා සාමය පරිපූර්ණ ලෙස ස්ථාපිත කරන ලෙස වැඩබලන ජනාධිපතිපතිවරයාගෙන් සහ ආරක්‍ෂක අංශ වෙතින් දැඩිව ඉල්ලා සිටින බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඒ සඳහා පූර්ණ සහයෝගය ලබාදීමට සූදානම් බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
රට හමුවේ පවතින ප්‍රචණ්ඩකාරී කණ්ඩායම්වල හැසිරීම බරපතල ලෙස සැළකිල්ලට ගතයුතු බව කියන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නීතිය හා සාමයට ඉහළින් කිසිවක් තිබිය නොහැකි බව ද සඳහන් කරයි.
සම්මත නීතියත් ව්‍යවස්ථාපිත ආයතන ව්‍යුහයත් ඊට අදාල ආයතනික ක්‍රියාවලියත් නිසි ලෙස ක්‍රියාත්මක වීමට එරෙහිව කටයුතු කිරීමට හෝ ඊට බාධා කිරීමට කිසිසේත්ම ඉඩ තැබිය නොහැකි බවත් ඒ හේතුවෙන් සියලු පුරවැසියන්ගේ ආරක්‍ෂාව සහ ජීවත්වීමේ අයිතිය සුරක්‍ෂිත කිරීමට වාහාම පියවර ගතයුතු බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එම නිවේදනයෙන් අවධාරණය කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීතිය සහ සාමය රකින්න ඉල්ලන්නේ නීතියට ගරු කරන කණ්ඩායමක්... සියවසේ ලොකුම විහිළුව...
නීතියට අනුවද මේ තරම් හොරකම් කරලා රට බංකොළොත් කළේ...? එක්කෙනෙක්ගේ කාලේ මහබැංකුව හොරකම් කළා. ඊළඟ අවුරුදු දෙකෙන් රට බංකොළොත් කළා.. මේවා මොනවා කළත් බලේ ඉන්න කටයුතු සලසා දෙන්න කියලද කියන්නේ...? ජනතාවට යහපතක් වෙන්නේ කවද්ද?
රට හරියට පාලනය කරන්න කියන්න කොන්දක් තිබුණේ නෑ නේද? එහෙම කළා නම් මේ විපත රටට වෙන්නේ නෑ නේද?
මේ අයගේ නීතියට මැයි 9 දා මොකද වුනේ?
මේ අවස්තාවාදී, බල ලෝභී, කුහක දේශපාලකයන් අන්තිමට රටේ කොල්ලෝ කෙල්ලෝ දිවි හිමියෙන් අරගල කරලා ලබාගත්තු ජයග්‍රහණ අමු අමුවේ පාවාදී ඇත. මොහුද බලය උදෙසා දහස් ගණන් තරුණයින්ගේ ලේ මේ මිහිකත ලෙයින් තෙත් කිරීමට දායක වී ඇත.
පොදුජන පෙරමුණේ ඉන්නේ නීතිය හා සාමය හොඳින්ම ආරක්ෂා කළ අය වෙන්නැති.