(සුජිත් හේවාජුලිගේ)
නීතිපති දෙපාර්තමේන්තුවේ දක්ෂ නිලධාරීන් පිරිසක් රට අතහැර ගොස් ඇතැයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කරයි.
එම දෙපාර්තමේන්තුවේ විශේෂ දක්ෂතා ඇති නිලධාරීන් සීමා වී ඇති බවත් ඒ සීමිත කණ්ඩායමට වැඩි ලිපි ගොනු ප්‍රමාණයක් පැටවී ඇති බවත් ආරංචි මාර්ග ප්‍රකාශ කරයි..
එක නිලධාරියකුගේ අත ෆයිල් 200 - 300 හිරවී ඇති එයින් පරීක්ෂණවල පමාවක් ඇති බව එම දෙපාර්තමේන්තුව පවසයි.
එම අඩුපාඩු දැන් නිවැරදි කරගෙන යන බව දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.
ඒ සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සැලසීමට රජය පියවර ගෙන ඇතැයිද එම ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේය.
නීතිපති දෙපාර්තමේන්තුවේ අඩුපාඩු සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ නීතිපතිවරයා අතර විශේෂ සාකච්ඡාවක්ද පසුගියදා පැවැත්විණ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රාජ්‍ය නිලධාරින්ගේ නොසැලකිල්ල හා නීතිය පිළිබ‍්ද තිබෙන නොදැනුවත්කම නිසා අනවශ්‍ය දේටත් නඩු දමා නීතිපතිතුමාගේත් අධිකරණයේත් කාලය නිකරැනේ නාස්ති කරනවා. එම නිසා රජය පරදින සෑම නඩුවකම වියදම ඒ ඒ වරදවල් සිදුකර තිබෙන රාජ්‍ය නිලධාරීන්ගේ වැටුපෙන් අඩු කරගත යුතු යයි යෝජනා කරනවා.
වර්තමාන ආණ්ඩුවේ වගේ එළකිරි වැඩ්ඩෝ ඉන්න ඇතිනේ?
නඩු අහන්නේ, ගොනු කරන්නේ කිසිම ප්‍රමුඛතා අනුපිළිවෙළ නෙමෙයිද? ඕනෙම හොරෙකුට, මිනීමරුවෙකුට නීතියෙන් බේරෙන්න කරන්න තියෙන්නේ, ඊට වඩා සුළු වරදක් අලුතෙන් කරන එක නේද?
දූෂිත දේශපාලුවන්ට කඩේ ගිය අය වෙන්න ඇති.
2015 යහපාලන ආණ්ඩුව කාලේ අද මේ ආණ්ඩුවේ ඉන්න නායකයෝ යටතේ ක්‍රියාත්මක වුණු දූෂණ විරෝධී කමිටුව හරහා යෝෂිතව, නාමල්ව, බැසිල්ව අත්අඩංගුවට ගත්තා. රිමාන්ඩ් එකටත් යැව්වා. ඒත් අවසානෙදි සාක්ෂි නෑ කියලා නිදහස් වුණා. එදා නැති වුණු සාක්ෂි දැන් ලැබිලාද? පොරොන්දු ඉටු කරන්න බැරිවෙනකොට මේ වගේ නාට්‍ය රඟ දක්වනවා.
කෙහෙල්කැන වැට පැන්නා....නඩු ඔක්කොම පේල්...