
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
නීති විද්‍යාල ප්‍රවේශ විභාගයට ඉංග්‍රීසි මාධ්‍යයෙන් පමණක් පෙනී සිටිය යුතු බවට ගෙන තිබෙන තීරණය වසර තුනකින් කල් දමන ලෙස නීති අධ්‍යයන සභාවෙන් ඉල්ලීමක් කළ බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ පාර්ලිමේන්තුවේදී අද ( 10) පැවසීය.
ඇමැතිවරයා මෙසේ පැවසූවේ එම විභාගයට මවුබසින් පෙනී සිටීමට අයැදුම්කරුවන්ට අවස්ථාව දෙන්නේදැයි කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී විමල් වීරංවංශ විසින් අසන ලද ප්‍රශ්නයට පිළිතුරු දෙමිනි.
බහුතරයකගේ ඉල්ලීම් අනුව එම විභාගයට මවුබසින් පෙනී සිටීමට අයිතිය දෙන ලෙස නීති අධ්‍යයන කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටි බව කී ඇමැතිවරයා විභාගයට ඉංග්‍රීසි බසින් පමණක් පෙනී සිටිය යුතු බවට සඳහන් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇතත් එය මේ දක්වා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නැති බවද සඳහන් කළේය.
තමා කළ ඉල්ලීමට එම සභාවෙන් ලැබෙන ප්‍රතිචාරය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව විජයදාස රාජපක්ෂ මහතා වැඩිදුරටත් පැවසීය.
COMMENTS
සියල්ලටම ඉහලින් පවත්නා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ආරක්ෂා කර ඇති මූලික අයිතිවාසිකම්, එය ආරක්ෂා කලයුතු ආයතන වලින් ආරක්ෂා නොවේ. නීති පනවන තැන්වලින්ද එයට නිසි නීති පැනවීම් නොකෙරේ. තමා කැමති භාෂාවකින් නීති ප්‍රවේහ විභාගයට පෙනී සිටීමට හෝ, තමා කැමති භාෂාවකින් නීතියට හා අධිකරණ තීන්දු වලට හෝ ප්‍රවේහ විය නොහැකිය. එය තිරනය කිරීමට පාර්ලිමේන්තුව වෙනත් ආයතන වලින් විමසිය යුතු නම් එයද උත්තරිතර බව හැල්ලුවට ලක් කිරීමක් නොවේ වේද ? මූලික අයිතිවාසිකම් ආරක්ෂා කල යුතු තැන්ම මූලික අයිතිවාසිකම් වලට වැට ඉඳින්නේද? ගරු නොකරන්නේද/
තව තවත් වලටම පලයල්ලා.යකෝ කොහොමත් තව අවුරුදු 50න් සිංහල භාෂාව නැති වෙනවා
'ලින්ක් ' භාෂාව අත්‍යවශ්‍ය වේ! ඇමතිතුමනි, ලෝකෙට දොර වහන්න එපා.
ඇති යන්තන් මොලේ පොඩ්ඩක් පෑදිලා තියෙනවා . ලංකාවේ සිංහලයට සිංහලකම තව අවුරුදු කීපයක් හරි තියෙන්නෙ නැතෑ. අනුන්ගේ භාශාවලින් ඉගෙන ගෙන කොරන්න පුලුවන් උන්ගේ වහල්ලු වෙන එක මිසක් තමන් රටක් විදියට නැගිටින එක නෙමේ. එහෙම උන් බලන් ඉන්නෙ වෙන රටක් ඇවිත් අපිව යටත් කරගෙන හරි කන්න දෙනකන්.
කියන්නා කෙසේකීවත් අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතුය.. බලන්නකෝ ඔහොම කිව්වාට වෙන්නේ මොකක්ද කියලා...