(නිමන්ති රණසිංහ)
පොළොන්නරුව සින්නවෙට්ටි ප්‍රදේශයේදී මාධ්‍ය හමුවක් පවත්වමින් ජාතීන් අතර අසමගියක් ඇතිවන ප්‍රකාශයක් කළැයි බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහි පැමිණිල්ල නීතිපති උපදෙස් ලැබෙන තෙක් දෙසැම්බර් 06 වැනිදා තෙක් කල් තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය නියෝග කළාය.
පැමිණිල්ල වෙනුවෙන් කරුණු දැක්වූ සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය දැනුම් දුන්නේ මෙම සිද්ධියට අදාලව නීතිපති උපදෙස් පතා ඇති බවයි. මෙතෙක් නීතිපති උපදෙස් නොලැබුණු බව පොලිසිය දැනුම් දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
" බුදුරජාණන් වහන්සේට " නින්දා අපහාස කරලා ...
මම නම් හිතන් නැහැ උන්වහන්සේ බුදුන්ට අපහාස කළැයි කියලා. බුද්ධ ධර්මය සහ නීතිය එකට ගාවගන්න එපා. නීති උපදෙස් ප්‍රමාද වූ නිසා මහත් අභාග්‍යසම්පන්න දෙයක් උණායැයි කියලා දින කීපයකට පෙර වාර්තා වෙලා තිබුණා.
පළමුව ජනාධිපතිවරයාගෙන් උපදෙස් ලබා දෙවනුව නීති උපදෙස් ලබාදීම කාගේත් කාලය සහ ශ්‍රමය ඉතිරිකර ගැනීමක් විය හැකියි.