
(ඩයනා උදයංගනී)
එළඹෙන උත්සව සමයේදී රට වසා දැමීමේ බලාපොරොත්තුවක් රජයට නැතැයි සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය.
එළඹෙන නත්තල් උත්සව සමයේ රට වසාදැමීමක් පිළිබදව නිල වශයෙන් සාකච්ඡා කර නොමැති බවද ඇමතිවරයා සඳහන් කළේය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (30) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.
ඉතාම ජයග්‍රාහී එන්නත්කරණ වැඩසටහනක් රජය විසින් රටේ ක්‍රියාත්මක කළ බවද ඇමතිවරයා කීවේය.
උත්සව සමයේදී වගකීම් සහගත ලෙස තම ආරක්ෂාව හා තම දරු පවුල්වල ආරක්ෂාවද සළසා ගනිමින් සෞඛ්‍යාරක්ෂිතව කටයුතු කරන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බව ද අමාත්‍යවරයා පැවසුවේය.
දැනටමත් තුන්වන එන්නත ලබාදීම සදහා රජය කටයුතු කොට ඇතැයිද, නමුත් මෑතකදී වාර්තා වුණු ඔමික්‍රෝන් ප්‍රභේදය සමග නැවත ලෝකය තුළ භයානක තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතින බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
මෙතෙක් එන්නත් ලබානොගත් කෙනෙකු සිටී නම් ඔවුන් දැනටමත් ප්‍රමාද නැතැයිද, ඉක්මණින් ගොස් එන්නත් ලබාගන්නා ලෙසද ඉල්ලා සිටි අමාත්‍යවරයා සෑම කෙනෙකුගේම සෞඛ්‍යාරක්ෂාව මෙන්ම රටේ ආර්ථික ආරක්ෂාව සහ සමාජ ආරක්ෂාවද රැදී තිබෙන්නේ අප සියලුදෙනාගේම කල්පනාකාරී සහ ආරක්ෂාකාරී හැසිරීම මත බවද අවධාරණය කළේය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව් ඉතින්, උත්සව සමරලා කොරෝනා වැඩි වුණාම පුරවැසියන් 10000-15000 පමණ ජීවිත බිල්ලට දීලා රට මාස 2-3 කට වහලා දමලා අපි තමයි හොඳටම කොරේ කියලා පාරම් බාන්න පුළුවන්නේ..? කරුණාකර නත්තල්, වෙසක්, පොසොන් කාලවල රට අවම වශයෙන් රට අවම වශයෙන් සති 02බැගින්වත් ලොක්ඩවුන් කරන්න...
අනේ අපිට නම් නත්තල කියන්නේ ජේසු තුමාගේ උපත සිහි කරන දිනය.. වෙන සැණකෙළි කරන්නේ නැහැ...
ඔව්, නත්තලින් පසුව සුබවෙයි.. අවුරුද්දෙන් පසුවත් සුබ වුණානේ... මී හරක් රැළකට රට බාරදීලා මීට වඩාදෙයක් ලැබුණොත් ඔවුන් මී හරක් වෙන්න බෑ...
අපේ ගිණුම්වල සල්ලි හොරාකන එකද ඕගොල්ලෝ දෙන සුභ ආරංචිය...? F.C ගිණුම්වල තියන රට සල්ලි කුණු කොල්ලයට රුපියල් වලට හරවන එක වෙන්නැති සුබ ආරංචිය...
නත්තලේ අරුතත් ආරක්ෂාවන විදිහට සමරන ගමන් උත්සවය සමයේ සීමාවන් පැනෙව්වා නම් හොඳයි... නැත්නම් ජනවාරි ඉඳලා වහන්න වෙනවා...
අපි රජයේ පඬි වැඩ හෙලා දකින එක ඇත්ත. ඒත් උත්සව පවත්වන එකට අනුග්‍රහය දැක්වීම යහපත් නෑ නේද. මොන උත්සව සමයක්ද මේ ප්‍රශ්න මැද.